උතුරෙන් තවත් මළසිරුරක් සොයාගනි

 යාපනය නාවක්කුලි යෙන් තවත් මළ සිරුරක් අද(18* සවස 7.00 ට පමණ සොයා ගෙන ඇත.

යාපනය නාවක්කුලි මාර්ගයේ 3 වන සැතපුම් කනුව අසල තිබූ පාළු ලිඳකින් මෙම මළ සිරුර සොයා ගෙන තිබෙන්නේ ප‍්‍රදේශවාසීන් විසිනි. මුහුණ සම්පූර්ණයෙන්ම නරක් වී ගොස් ඇති සිරුර පිරිමියෙකුගේ බවට තහවුරු කරගෙන ඇති අතර මිය ගිය පුද්ගලයා කාගේ කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නැත. මළ සිරුර දින ගණනාවක් ලිඳ තුල තිබෙන්නට ඇති නිසා හඳුනාගත නොහැකි තරමට නරක් වී ගොස් තිබේ.