ආණ්ඩුවෙි රූකඩයක් වු මානව හිමිකමි කොමිෂම

ලංකාවෙි මානව හිමිකමි කොමිෂමට මොකද වෙලා තියෙන්නේ? එය හරියටම දත් නැති කොටියෙකුට සමානය. මෙම කොටියා තව ටිකකලකින් ආණ්ඩුවෙි රූකඩයක් වනු නියතය.

ආරමිභයේ සිටම මානව හිමිකමි කොමිෂමට සිය නිර්දේශ ක‍්‍රියාත්මක කිරිමෙි නෛතික බලයක් නොතිබිණි. රාජපක්ෂ ආණ්ඩුවට ජනතාව ගැන තැකිිමක් ඇත්නමිි කළ යුතුව තිබුණේ මෙම නිර්දේශ ක‍්‍රියාත්මක කිරිමට අවශ්‍යය බලතල එයට ලබාදිමයි.

නමුත් ආණ්ඩුව ඒ වෙනුවට සිදුකළේ කුමක්ද?
එහි ස්වාධිනත්වය විනාශ කිරිමයි. පළමුව මෙය කළේ 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙි ධනාත්මක සංශෝධනයක් වු 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොසලකා හැරිම මගිනි. ඉන්පසුව 18 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදුන්වා දෙනු ලැබිිණි. ඒ වුකලි ස්වාධිනත්වය මරා දැමිිමකි. දැන් මානව හිමිකමි කොමිෂන් සභාට ජනාධිපතිවරයාගේ සිතැගි පරිදි කොමසාරිස්වරු පත්කිරිමෙි හැකියාව ඇත.

තවදුරටත් මානව හිමිකමි කොමිෂම පැරිස් මුලධර්ම වලට අනුකුලතාවයක් දක්වන්නේ නැත. තවද මානව හිමිකමි ප‍්‍රවර්ධනය සහ ආරක්ෂාව සමිබන්ධයෙන් වු ජාත්‍යයන්තර සමිබන්ධිකරණ කමිටුවෙිි වර්ගිකරණය අනුව ශ‍්‍රී ලංකාවෙි මානව හිමිකමි කොමිෂම එ් ශ්‍රේණියේ සිිට බී ශ්‍රේණිය දක්වා පහළ වැටි ඇත. අද වනවිට මානව හිමිකමි කොමිෂමෙි බලය වුකලි හුදු නීරික්ෂණ තත්වයකට පමණක් සිමා වි ඇත.

මානව හිමිකමි කොමිෂම ශක්තිමත් කිිරිමෙි වගකිම ආණ්ඩුවට පමණක් නොව ජනතාවටද ඇත. තවද ආණුඩුව එහි නිර්දේශ ක‍්‍රීයාත්මක කිරිම සහතික කළ යුතුය. ඒ අතර වධහිංසා පැමිණවිම සමිබන්ධයෙන් කලින් පැය 24 පුරාම ක‍්‍රියාත්මක වු හදිසි ඇමතුමි එකකය නැවත ඇති කළ යුතුය. කොමිෂමට අවශ්‍යය මුල්‍යමය සහ මානව සමිපත් ලබාදිමටද රජය වගබලා ගත යුතුය. තවද රැුදවුමි මධ්‍යයස්ථානවල නිරික්ෂණ චාරිකා නැවත ආරමිභ කර දියුණු මටිටමකට ගෙනආ යුතුව ඇත. අවසාන වශයෙන් එයට පබයින් වැනි කොමසාරිස්වරු පත්නොකිරිමටද වගබලා ගතයුතුය.

හර්ෂි සී. පෙරේරා