කතුවැකිය: නටන නාඩකම් පසෙකලා අසරණයින්ට පිහිට වනු!

පුද්ගලියින් 27 දෙනෙක් මරා දැමු ගංවතුරට ගොදුරු වී තම නිවාස අහිමි වීමෙන් තාවකාලික කඳවුරු වල නවාතැන් ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 

ශ්‍රී ලංකාවම සිංහලයින්ගේ රොමැන්ටික් ලොබියක් කොට ඇත. දෙමළ බෂාවෙන් පළවන හෝ ඉංග්‍රීසි මාධයෙන් කතා කරන මාධ්‍ය ගැන කතා කිරීම පැත්තකට තබා සිංහල මාධ්‍යන් විසින් කරන තුට්ටු දෙකේ විලිලැජ්ජා සහගත කටයුත්ත ගැන කලපනා කිරීම වටී. සිංහල පාඨකයින් විශේෂයෙන් රුපවාහිනිය තමන්ගේ විනොදස්වාදයේ සහ පුවත් දැනගැනීමේ මාධ්‍ය ලෙස බාවිතා කරන අයවලුන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වීම වැදගත්ය. ලෝකයේ කිසිඳු රටක සිදු නොවන මට්ටමේ ආලවන්ත ඇබ්බැහි වීමක් ලංකාවේ ඇත. මෙම මුසල තත්වය කිසිදා පහව යන්නේදැයි අනුමාන කිරීමටවත් නොහැකිය. සැබවින්ම මෙය ඛේදවාචකයකි. ඇත්ත ජීවිතයේන් මහජනයා ගලවා වෙනත් මායාවක ඔවුන්ගේ ලෝකය පැටලවීම මෙහි අරමුණ විය හැකිය. සැබෑව යටපත් කොට බොරුව සමාජය මත සිදුවන ඇත්ත වූ විට මෙවැනි බොළඳ මඟුල් සක්කවලවල් නිර්මාණය වීම පුදුමයක් නොවේ.

මෙහි ඇති ඛේදජනක තත්වය වන්නේ ලක්ෂ දහයකය වඩා අවතැන් වී සිටිමින් කන්න අඳින්න නැතුව ඉන්න මෙවැනි ශෝචනීය අවස්ථාවක ලංකාවේ සිංහල මාධ්‍ය හැසිරීම රටේ සමස්ත බිඳ වැටීමේ සංඛේතයක් මිස වෙන කිසිවක් නොවේ. වෙනත් රටවල මෙවැනි අර්බුධයක් තබා අයහපත් කාලගුණික තත්වයක් ඇතිවන සෑම විටම එකී රටවල් ඒ ගැන අවධානය යොමු කරනු ලබන්නේ ඔවුහු මිනිස් ජීවිත වලට දක්වන ගරුත්වයට ප්‍රමුඛත්වය දෙමිනි. එවැනි අවස්ථාවක මාධ්‍ය භාවිත කිරීම ආදර්ශ සම්පන්නය. නමුත් ලංකාවේ එවැන්නක් දක්නට නොමැත. රටෙන් භාගයකට හෙන ගැහුවත් මාධ්‍ය විසින් ගෙනියන මඟුල් සක්ක්වල නවත්වන්නේ නැත. ඊට හේතුව වෙන කිසිවක් නොව මොවුහු මිනිස් ජීවිත වලට ගරු කිරීමට නොදන්නා කමය. මෙවැනි බූරුවන්ගෙන් ඕනෑම ශෝචනීය අවස්ථාවක දැක ගත හැක්කේ වගකීම් විරහිත කටයුතු මිස වෙන කිසිවක් නොවේ.

රටක ලක්ෂ දහයකට උන් හිටි තැන් අහිමි වීම වූකලී රටක් මුහුණ දෙන දරුණුතම විපතකි. මෙවැනි තත්වයකින් ඇතිවන පස්චාත් විහසනද සුළුවෙන් තැකිය නොහැකිය. අපට එවැනි ශෝචනීය තත්වයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ ලක්ෂ ගණනක් මිය පරලොව ගිය ඛේදජනක යුද්ධය නිමා වී වසර දෙකකටත් පෙරය. පවතින දේශපාලන ප්‍රවණතාවය ගැන කතා කිරීමට මෙය අවස්ථාව නොවන හෙයින් කිසිවෙකුට විශ්වාශ කිරීමට නොහැකි මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකු ගැන කතාකිරීමද මෙහිදී වැදගත් නොවේ. සැබවින්ම ඔහුට අයත් මෙන්ම ඔහුගේ බලපෑමට අයත් මාධ්‍ය මඟින් පවතින ඛේදවාචකය ගැන කිසිඳු සැලකිල්ලකට ලක් නොකර නටන නාඩගම් වලින්ම දිස් වන්නේ නායකත්වයේ ඇති නොසැලකිල්ල මිස වෙන කිසිවක් නොවේ. තම පුවත් විකාශයකින් අලිපටවකු මැරීම හෝ ගංවතුරට ගොදු වී ඇති පිරිස් ගැන කතා කිරීමට විනාඩි කිහිපයකට සීමා කිරීමෙන්ම පෙනෙන්නේ ඊට ලබා දෙන නොවැදගත් බවයි. රාජපක්ෂට මැතිවරණයට මුහුණ දීමට ඇත්තෙනම් රියන් හැට ගණන් වල බැනර් සේම විසිහතර පැයේම මහින්දාභීනන්දනය හැර වෙන කිසිවක් තිබේද? රාජපක්ෂ තම මැතිවරණ වලදී දක්වන උනන්දුවෙන් හතරෙන් එකක්වත් ලක්ෂ දහයක් අවතැන් වී සිටින අසරණයින් සඳහා වෙන් කොට තිබේද? ඉන් පෙනෙන්නේ නායකයින් ලෙස බල දූෂණය කරමින් පැමිණෙන අයවලුන්ගේ ස්වාභාවයය. මෙය තේරෙන සිංහල වචනයකින් කියන්නේනම් කිවහැක්කේ, කුපාඩිකමේ ප්‍රමාණයය.

රට මුහුණ දී ඇත්තේ බලවත් ස්වභාවික විපතකටය. සියලු භේද අමතක කොට දමා ඉන් පීඩාවට පත් වූ දෙමළ, මුස්ලිම් සේම සිංහල වැසියන් කෙරෙහි අවදානය යොමු කිරීම සහ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් පෙනී සිටීම මධ්‍යයේ ප්‍රමුඛ වගකීම වේ. එසේම මෙම තත්වය ගැන ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සේම ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම අතිශය වැදගත් වන්නේ මෙවැනි විපතකදී තබා සුළු ස්වභාවික විපතකදීවත් නිවැරදිව මුහුණ දීමේ යාන්ත්‍රණයක් අපට නොමැති නිසාය. මෙතරම් විනාශයක් සිදු වී තිබියදීත් ලංකාවේ වැඩිම පිරිසක් රුපාහිනී නාලිකා නරඹන අවස්ථාවේදී මුළු දිවයිනම මඟුල් සක්වලක් කිරීමේ අණුවන කට යුත්තම යලි යළිත් කරමින් සිටින්නේ එහෙයිනි. අපට මිනිස් ජීවිතයක වටිනාකමක් දැනෙන්නේ කවදාද? කන්න නැතුව හා දුක් විඳින මිනිසුන්ගේ බඩගින්නේ ඇති වේදනාව දැනෙන්නේ කවදාද? විමුක්තිය වූ කලි යුධමය යාන්ත්‍රනයකින් භූමීය අල්ලා ගැනීම පමණක් නොවේ. විමුක්තිය වූ කලි ඕනෑම විපතකදී එය නිවැරදිව කළමනාකරණය කොට සහන සලසා දීමට ඇති හැකියාවයි.

Tell a Friend