දෙමළ ජාතිකයින් සැලකිය යුතු පිරිසක් පොලිසියට

ශ‍්‍රී ලංකාවෙ අගනුවර වු කොළඹදි පැවති උත්සවයකදි ද්‍රවිඩ ජාතිකයින් සැලකියයුතු පිරිසක් අලුතින් පොලිසියට බදවා ගැනිම සිදුවිය.

වර්තමානයේ 86000ක් වන පොලිසියේ සුලු ජාතික දෙමළ ප‍්‍රජාව නියෝජනය කරන්නේ දහස් ගණනක් වැනි සුලුතරයකි.

2009 දි දෙමළ කොටි කැරලිකරුවන් පරාජයට පත්විමෙන් පසු මෙය බහුතරය වු සිංහලයින් සහ දෙමළ ජනයා අතර සබදතා දියුණු කිරිමට ගනුලැබු පියවරකි.

මෙම කැරලිකරුවන් දශකයකට වැඩි කාලයක් තිස්සේ උතුරෙ වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින ලදි.
කලුතර පොලිස් අභ්‍යාස ආයතනයේ පැවති උත්සවයකදි සය මසක පුහුණුව නිමාකල පිරිමින් 320ක් සහ ගැහැනුන් 16ක් අලුතෙන් නිලයේ පිහිටවනු ලැබිණි.

පොලිස් මාධ්‍යය ප‍්‍රකාශක ප‍්‍රසාන්ත ජයකොඩි බි බි සි දෙමළ සේවයට පැවසුවෙි දෙමළ ජාතිිකයින් 2500කට වැඩි පිරිසක් මෙි වසරේ පොලිස් සේවයට බදවා ගැනිම තම ඉලක්කය බවයි.

අපි දෙමළ ප‍්‍රජාවෙන් කාන්තා උප පොලිස් පරික්ෂකවරියන් බදවා ගැනිමටද සැලසුමි කරමින් සිිටිිනවා.
මෙම නිළධාරින් බහුතරය උතුරේ අය නිසා ඔවුන් රාජකාරිය ආරමිභ කළවිට දෙමළ බස කතාකරන ජනයා සිටින ප‍්‍රදේශ වලට අනුයුක්ත කරනවා.

එලෙස බදවාගනු ලැබු කොස්තාපල්වරයෙක් කිවෙ මෙය දෙමළ ප‍්‍රජාව සහ උතරේ ප‍්‍රදේශ වල පවතින පොලසිි අතර පවත්නා හිඩස පිරවිමට හොද ප‍්‍රවෙිශයක් බවයි.

අපද මෙම දෙමළ ප‍්‍රජාවටම අයත් නිසා ජනතාව අප ගැන විශ්වාසය තබනවා. අපිට ජ‍්‍රජාවත් පොලිසියත් අතර හොද සබදතාවයක් ගොඩ නැගිමට හැකිියාව ඇතැයි කලායි සිල්වි පැවසුවෙය.
බි.බි.සි
පරිවර්තනය - හර්ෂි සි. පෙරේරා
Tell a Friend