නාමල් සහ කරුණා ගංවතුර බලන්න ගිහින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති පුත් නාමල්් රාජපක්‍ෂ මහතා සහ එල්ටීටීඊයේ හිටපු සන්නද්ධ නායක නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් මඩකලපුවේ ගංවතුරින් වූ විනාශය නරඹන්නට ගියේ ට‍්‍රැක්ටරයක නැගී වැස්සේ ය. එහිදී නාමල්-කරුණා විපතට පත්වූවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසූ බව ජනාධිපති මාධ්‍ය එ්කකය එවා ඇති නිවේදනයක දැක්වේ. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාද නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා මහතාද සහභාගී වී සිටියහ. (ලංකා ඊ නිව්ස් -2011.ජන.15, ප.ව.5.00)* (සේයාරුව -නිශාංක ද සිල්වා* )