යුක්ති දාමයට සම ප්‍රවේශය මොකාටද ?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නියෝග ක්‍රියාත්මක නොකරන රටක - යුක්ති දාමයට සම ප්‍රවේශය ගැන කතා කරන්නන්ටයි මෙය කාත් කව්රුත් නැතිල මළ පොතේ අකුරු බැරි අයෙකු සම්බන්ධයෙන් හෙයින් එය -මේ රටේ අති බහුතරයක් බුද්ධිමතුන්ට පමණක් නොවල මානව හිමිකම් ඔස්තාර්ලාටදල උදේ හවස බණ දෙසන එව්න්ටද තේරුම් ගන්නට බැරි බව අපට නම් නිසැකයග බස්නාහිර පළාතේල කළුතර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන කෙලින්කන්‍‍දේ පදිංචි කරුවෙකි චන්ද්‍රසේනග ඔහුට බදුරලිය පොලිසියේල පොලිස්කාරයින් කණුවකට බැඳ පොලු වලින් පහරදුන‍්නේ 2007ග06ග 27 වන දින දීයග පහරදුන් පොලිස්කාරයින් රකින්න නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් කළේල චන්ද්‍රසේනට ප්‍රතිකාර නොකර - රෝහලෙන් එළියට දැමීමයග චන්ද්‍රසේනගේ ගමේ හිතවතුන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වියග ඒ නිසාම මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට චන්ද්‍රසේනට හැකිවිය

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කළේ 2007.07.27 වන දින දීයග නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2009.05.13 වන දින දීයග එම තීන්දුවට අනුවල තුන් මසක් ඇතුළත පොලිස්පතිවරයාල රුපියල් 75000රැු- ක මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණයට බැඳිය යුතුයග අද දක්වාම එම මුදල ඔහුට ගෙවා නැතග චන්ද්‍රසේන ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාටල පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දුන්‍නේයග අවම වශයෙන් පිළිතුරක් එවීමට තරම්වත් ඔවුන් සදාචාරවූයේ නැතග හැදියාවක් තිබුනේ නැතග හැබැයි ඔවුන් සර්ලා හා මැඩ්ම්ලායග ටයිපටි බැඳගෙන සාරිපටලවා‍ ගෙන සිටිතිග ෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට යැවූ ලිපියෙන් පිටපතක් ඔහු අධිකරණසේවා කොමිෂමේ ලේකම්වරයාට ද යැව්වාග අධිකරණසේවා කොමිෂමේ ලේකම් ප්‍රියන්ත ද සිල්වාගෙන් පිළිතුරක් - චන්ද්‍රසේනට ලැබිණග එහි මෙසේ සඳහන්යග ,නිසි අධිකරණය වෙත ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි,ග එහි දාතම 2010ග09ග27 වේග ,නිසි අධිකරණය, කුමක් දැයි - චන්ද්‍රසේන අසයි දෙන්න පිළිතුරක් හැකි අයෙක්

               ජනසංසදය