ව්‍යාජ රස පරීක්ෂක වාර්තා. යුක්තිය කෝ?

මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක විසින් නිකුත් කැරෙන වාර්තාවලට සමාන ව්‍යාජ රස පරීක්ෂක වර්තා මහේස්ත‍්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සංගප්පුලි මහතා රහස් පොලිසියට නියෝග කෙළේය.

රජයේ රස පරීක්ෂක නිහාල් ලියනාආරච්චි මහතා අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතාට කළ දැනුම් දීමකට අනුව පොලිස්පති නියමය යටතේ රහස් පොලිසිය මෙම පරීක්ෂණ පවත්වයි.