අරෆත් මරා දැමුවේ වස දීමෙන්


අරෆත් මැරුවේ මොසාඩ් සංවිධානය - හමාස්


හිටපු පලස්තීන නායකයා වන යසර් අරෆත්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන නවතම පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ හෙතමගේ ආහාර වලට හෝ බීමට, තැලියම් නමැති වස ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් පසු ඒවා අනුබව හෝ පානය කිරීමෙන් ඇති වූ මරණයක් බවයි. පලස්තීන නායකයාගේ උපදේශකයකු වශයෙන් කටයුතු කළ බසාම් අබු සරීෆ් අදාළ පර්යේෂණ ගැන කියා සිටියේ අදාල පර්යේෂණය සිදු කළ බ්‍රිතානයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය වරුන් කණ්ඩායම පලස්තීන නායකයාට වස දී ඇති බව තහවුරු කොට ඇත. තැලියම් යනු අධි බල ඇති ධූලක විශේෂයකි.

අදාළ විෂ ද්‍රව්‍ය ඔහු රමල්ලාහ් නුවර පිහිටි තම පක්ෂ කාර්යාලයේදී කොටු වී සිටි අවස්ථාවේදී දුන් කෑම හෝ බිම වලට මිශ්‍ර කොට ලබා දී ඇතැයි සැක කෙරේ.

ඔහුගේ මරණය සහ හෙළි වී ඇති අලුත්ම තොරතුරු පිළිබඳව රමල්ලාහ් නුවර සිට ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක් වූ හමාස් සංවිධානයට සම්බන්ධ උසස් නිලධාරියකු දුරකථනය ඔස්සේ කියා සිටියේ අදාළ ඝාතනය ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය සිදු විසින් කළ බව තමන් පෙර සිටම විස්වාශ කළ බවයි.

කෙසේ වෙතත් යසර් අරෆත් මීට අවුරුදු 06 කට පෙර එනම් 2004 නොවැම්බර් 11 වැනිදා ප්‍රංශයේ රෝහලකදී මිය ගියේ රෝගාතුර වීමෙන් පසු සැල වේ.

Tell a Friend