වසර කිහිපයක් මෙලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉතිහාසය විෂය හැදෑරීමට පහසුකම් සලසා තිබුණේ කලින් සමාජ අධ්‍යයනය විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ සිසුන් වෙනුවෙන් පමණකි. සමාජ අධ්‍යයනය විෂයය විෂය ධාරාවෙන් ඉවත් කිරීමෙන් පසුව එම විෂයය හැදෑරූ සිසුන්ට ඉතිහාසය විෂය හැදෑරීමට සිදු විය.
ඒ අනුව ඉතිහාසය විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් අවසර දී තිබුණේ මෙම සිසුන්ට පමණි. ඔවුහු සියලු දෙනා මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අවසන්ය.
ඊට අදාළව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය වෙනස් කර නොමැති නිසා මින් ඉදිරියට ඉතිහාසය ඉංග්‍රීසියෙන් හැදෑරීමට සිසුන්ට නොහැකිය.

Post a Comment