රාජපක්ෂගෙන් තවත් "මහා" වැඩක්: ආසියාවේ විශාලම හාල් මෝල ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යයි

නව අවුරුද්දේදී රාජපක්ෂ ජනාධිපති වරයාගේ නිල පුවත් පත විසින් පල කර තිබු ප්‍රධාන සිරස්තලය මෙසේ පල කරන්නෙමු.පසුගිය වසරේදී මහා පරිමාණයේ ව්‍යපෘති රැසක් ඉතා සාර්ථකව නිම කොට ආසියාවේ අශ්චර්යට ඔන්න මෙන්න කියා තිබියදී එය සැපිරීම සඳහා ආසියාවේ විශාලතම සහල් මෝල ඉදිකිරිමට නියමිත බව වාර්තා වේ. මෙය ඉදිකිරිම සඳහා කොන්ත්‍රාත්තුව සහ එහි පිටු පස ඇති භූමිකාව ගැන ලිවීමට අදාල වාර්තාකරුට තොරතුරු ලබා දී නැති නමුත් එය ඉදිරියේදී හෙළිදරව් වනු ඇත.


අදාල පුවත ලංකා ගාඩියන් උණුසුම් සුබ පැතුම් සමඟින් මෙසේ කිසිඳු සංශෝධනයකින් තොරව පල කරන්නෙමු,

විජයානි එදිරිසිංහ

ආසියාවේ විශාලතම සහල් මෝල ශ්‍රී ලංකාවේ ඉදි කෙරේ. ඒ අනුව ලබන වසරේ සිට සහල් පිට රට යැවීමට රජය තීරණය කර තිබේ.මේ වැඩපිළිවෙළෙහි මූලික කටයුතු සිදු වෙමින් පවතින බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. දැනටමත් ඉහළ පෙළේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඩුබායි, කැනඩා සහ තවත් රටවල් කිහිපයකට සහල් අපනයනය කරති.

මෙරට සහල් ප්‍රමිතියෙන් ඉහළ තත්ත්වයක පවතින නිසා ඒ සඳහා පිට රටවල විශාල ඉල්ලුමක් පවතී. විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ද ශ්‍රී ලංකාවේ සහල් පරිභෝජනයට කැමැත්තක් දක්වන නිසා මේ ඉල්ලුම තවත් වැඩි වී තිබේ. පසුගිය කන්නයේ වී අස්වැන්න සාර්ථක වූ නිසා රජය සතුව අතිරික්ත වී තොග තිබේ. එම අතිරික්ත වී තොග අපනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

වසර 30 කට පසු ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වු වර්ෂය 2010 බව ප්‍රකාශ කරන රජය යුද්ධයෙන් පසු වගා කරන උතුරු නැගෙනහිර තවත් කුඹුරු අක්කර දහස් ගණනකින් ලබන කන්නයේ විශාල අස්වැන්නක් බලාපොරොත්තු වේ. මේ අතර සහල් මිල පාලනය දිගටම පවත්වාගෙන යාමට වෙළඳ කටයුතු අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

සහල් අපනයනය කිරීමෙන් තව තවත් වී මෝල් ආරම්භ වන නිසා විශාල පිරිසකට රැකියා ලබා දීමට හැකි වේ. මේ අතර පිට රටින් ගෙන්වන ලද ළූණු කන්ටේනර් 150ක් හා බිත්තර ලක්ෂ 40ක් ලබන සඳුදා වෙළඳ පොළට නිකුත් කරයි. පසුගිය සතියේ වෙළඳ පොළට නිකුත් කළ බිත්තර ලක්ෂ 20ක් මේ වන විටත් අලෙවි වී තිබේ.

පිටරටින් ගෙන්වන ලද ළූණු රුපියල් 105ත් 110ත් අතර මිලකට අලෙවි කෙරේ. මේ වන විට වෙළෙඳ පොළේ ළූණු මිල රුපියල් 140 දක්වා අඩු වී ඇත. වෙළෙඳ පොළේ දැනට කිලෝ ලක්ෂ 20 ක කුකුළු මස් අතිරික්තයක් පවතින බව ව්‍යාපාරික සංගමයේ සභාපති ඩී. සී. වනසිංහ මහතා කියයි.

Tell a Friend