ළමුන් 888 ක් වසරක් තුළ හිංසනයට: ඉන් 62% ක් ලිංගික අපයෝජන

බුද්ධිකා ඉඹුලාන

ළමයිනට එරෙහි හිංසන ක්‍රියා පිළිබඳ පැමිණිලි 888ක් පසුගිය වසරේ දී (2010) ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එම වසරේ දී ලැබුණු පැමිණිලි අතරින් 62%ක ප්‍රතිශතයක් ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ලැබුණු ඒවා බව ද එම අධිකාරිය කියයි.

ළමා අපයෝජන, හිංසන පිළිබඳ ලැබුණු පැමිණිලිවලට චෝදනා ලැබූ වැඩිම වයස්ගත පුද්ගලයා ලෙස 82 හැවිරිදි තැනැත්තකු වාර්තා අතරට එක් වී ඇතැයි ද එම අධිකාරිය පවසයි. වසර 2009 දී ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි අතරින් 60%ක් ළමා හිංසනය සම්බන්ධයෙන් වන අතර වසර 2008 දී ලැබුණු පැමිණිලිවලින් 59%ක්ම ළමා හිමිකම් කඩවීම පිළිබඳ වෙයි.

වසර 2006 දී එම අධිකාරියට ලැබුණු පැමිණිලි අතර ළමා අපයෝජන පැමිණිලි ප්‍රතිශතය 50%ක් වූ අතර වසර 2007 දී එය 56%ක් දක්වා වර්ධනය වී තිබේ.

මා හිංසනයට එරෙහි ජාතික දිනය, නිමිත්තෙන් ඊයේ (05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වූ උත්සවයේ දී මේ කරුණු අනාවරණය විය.

Tell a Friend