ඉකුත් වසරේ 34105 කට ඩෙංගු හැදිලා එයින් 246 දෙනකු මිය ගිහින්

ඒමන්ති මාරඹේ

පසුගිය වසර තුළදී (2010) දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 34,105 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් 246 දෙනකු මිය ගොස්‌ ඇතැයි වසංගත රෝග අංශය පවසයි.

වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 858 දෙනෙකි. ඩෙංගු මරණ වැඩිම සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ඩෙංගු මරණ 34 ක්‌ද, යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් මරණ 30 ක්‌ද වාර්තා වී තිබේ.

පසුගිය වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 4768 දෙනෙකි.

මෙම දිනවල පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු උණ නැවත හිස ඔසවමින් පවතින අතර එම රෝගය පැතිරීම වැළැක්‌වීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවන පිරිසිදු වැසි ජලය එක්‌ රැස්‌වන හිස්‌ටින්, තැඹිළි / පොල්කෝම්බ, පොලිතින් යන මාධ්‍යයන් විනාශ කරන ලෙසත් නිවාස හා ගෙවත්තෙහි පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන නිරතුරුව ශුද්ධ පවිත්‍ර කර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.
Tell a Friend