වැලිකන්දේ ගවයෝ 300ක්‌ ගංවතුරෙන් මියයති : වටිනාකම කෝටි 1 1/2ක්‌

වැලිකන්ද විශේෂ - එල්. පී. ඩී. බන්දුරත්න

වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ රුපියල් එක්‌කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා කිරි ගවයන් හා මීගවයන් 300 ක්‌ ගංවතුර නිසා මියගොස්‌ ඇත.

මේ ප්‍රදේශයේ ගවපට්‌ටිකරුවන් 110 ක්‌ සිටින අතර ඔවුනගේ ගවයන් ප්‍රමාණය 5000 ක්‌ පමණ වේ. ගංවතුර නිසා අතුරුදන් වූ ගවයන්ගේ නිශ්චිත තොරතුරු සොයාගෙන නැති බව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. අයි. එච්. සුල්තාන් මහතා පවසයි.

මුතුගල, කරපොල, සේනපුර, කුඩාපොකුණ ගම්මානවල විශාල ගව පට්‌ටි ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

Tell a Friend