එළඹෙන 25 වැනිදා ලංකාවෙන් ඇසීමට නියමිත " ප්‍රධාන" පුවත් සිරස්තලය මෙන්න

මේ මහා ධර්මද්වීපය හෙවත් ශුද්ධ බුද්ද ශාශනයෙහි සැබෑ උරුම කරුවන් වන හෙවත් 1977 දී ජේ ආර් උතුමාණන්ගෙන් පසු ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදයද - සමාජවාදයද මහා දවාලේ දෙනොදාහක් ඉස්සරහ කෙළසූ මේ දුපත් රාජ්‍යයේ ජනතාවගේ බහුතරයකින් දෙවන වරටත් අතිවිශාල කැමැත්තකින් තෝරා පත් වූ එදා මේද හාස්‍ය මෙන්ම අසහාය මෙන්ම අති සංවේදී නායකයා වූද දෙමළ බාසා විශාරදයකු ලෙස පිදුම් ලද්දා වූද සමාජවාදීන්ගේ රාජ්‍යයෙන් දෙමළුන් මැරීම සඳහා ගත් ආයුධවලට ටිප් එක ලෙස ආචාර්ය උපාධියකින් පිදුම් ලත් ඒ මහා ආචාර්ය ජන රංජන හෙවත් ජන අංජන හෙවත් ලාංකික ඉද්‍රජාලික දේශපාලනයේ කතුවරයෙකු වූ සෙනෙහෙවන්ත පර්සි මහින්ද රාජපක්ෂ මහත්තයාට දොළ පිදේනි කොට ඇති ව්‍යවස්ථානුකූල බලයන් සහ හෙතම විසින් සල්ලි වලට ගත් ගණිකාවන්ගෙන් පුළුල් කරගත් බලයද ප්‍රකාරව ඒ මහතා විසින් තමන්ගේ පක්කලි කම් කරන්නා වූ හමුදා නිල ඇඳුම් ඇඳගත් නඩයක් බෙලිඅත්තේ හූනියම් මණ්ඩපයේදී තෝරා තමන්ගේ ජාති ජාතිත් හතුරාට කෙලීම සඳහා පිහිටුවා ලූ යුධාධිකරණය අධිකරනයක්ම වෙම් යයි, මෙයින් දැමුම් දෙමු. ඒ නිසා එල්ල මැරීමේ හෙවත් තම සහෝදරයාගේ දොළ දුක සංසිදුවා ලීමට එකී අධිකරණයෙන් වරද කරු කළ අහවල් ජනරාල්ගේ බොටුව බෙලි ඇත්තේ මැදමුලනට රැගෙන යාමට සහ ඒ වෙනුවෙත් ගම් නියං ගම් පූරා රජුට සෙත් පතා වස් කවි කියනු!

අණබෙර කරු අදාල පණිවිඩය ලංකා තලය පූරා විසුරුවා හැරීමෙන් පසු, කිරි වතින් සහ බෙල්ලේ එල්ලුන අන්ගුලිමාලගේ ලේ පෙරී පෙරී තිබු ඇඟිලි මාලේ සේ ලේපැහෙන් තම ජටාව බැඳ ගත් ඒ මහා උත්තමයා සබාව ඇමතීමට පෙර මෙසේ දෙඩුවේය, අනේ අපේ හාමුදුරුවනේ මම මේ ගිරුවාපත්තු හිඳන් අපු අහිංසක පූස් පැටියා නොව. නීතිය එහෙමලු අපේ හාමුදුරුවනේ, එත් ඕන් මම නම්, නහී වේරේන වේරානි තමයි! එය ඇසීමෙන් එහි වැඩ සිටි කහ වතින් සැරසුණු තට්ටය ගා ගත් පිරිසක් ඒ මහා උත්තමයා ඉදිරියේ දන නමස් කාර කොට නිවන සැප ලැබෙන්නයි ප්‍රර්ථනා කරන ලෙස ඉල්ලුහ.


Tell a Friend