SPECIAL: රාජපක්ෂ අත්අඩංගුවට ගත හැකිද ?

අද දිනය ලංකාවේ දේශපලන කරලියට ඉතාමත් කාර්ය බහුලය. එසේම ලංකාවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියල්ලම බල සිටින්නේ අද සහ හෙට දිනයන් හි යම් කිසි සැලකිය යුතු වෙනසක් සිදු වී යැයි කියාය. ලන්ඩනයට ගිය ජනාධිපති රාජපක්ෂ හීත්‍රෝ ගුවන්තොටුපලදී ගොඩ බැස්ස අවස්ථාවේ සිට දැඩි දුෂකරතාවලට මුහුණ දීමට සිදු විය.ඇතැම් අවස්තවකදී ඔහුගේ සහයට සිටි සියලුදෙනාම කලබලයට පත්වන ආකාරයෙන් කුණුහරප ඇද බෑමටද හෙතම අමතක නොකළ බව කියවේ. සමහර විටදී තමන් ආවේ වැරදි ගමනක්ද යන දෙගිඩියාවෙන් පසුවන රාජපක්ෂ ජනධිපතිවරයා හෙට දිනයේදී හෙතම ඔක්ස්ෆර්ඩ් සරසවියේ "දේශනය" පැවැත්වීමට නියමිතය. ආණ්ඩුවේ මාධ්‍ය මඟින් මහා පරිමාණයෙන් කතා කරන අදාල දේශනයේ වට පිටාව ගැන අපගේ සති අන්ත ප්‍රකාශනයෙන් එළි දැක්වීමට බලා පොරොත්තු වෙමු.

ගැටලුව වන්නේ රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට හැකිවේද. ඒ සඳහා මේ වනවිට දෙමළ සංවිධාන වල පිරිස් කටුයුතු සූදනම් කොට ඇති අතර මාධ්‍යට අදහස් දැක් වූ ඔවුන් කියා සිටියේ තැනට කළ හැකි උපරිම දේවල් ඉදීරි පැය විසි හතර තුළ කරන බවය. එසේම විසිදහසකට වැඩි පිරිසක් ජනාධිපතිට විරුද්ධව උද්ඝෝෂණ දැක්වීමට සුදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. " අපි මේ වන විටත් සියලුම නීතිමය ක්‍රියා මාර්ග අරගෙන ඉවරයි," යැයි බ්‍රිතාන්‍ය දෙමළ සංගමයේ සෙන් කන්දයිය ප්‍රකාශ කළේය.

" අපි දන්නවා 40,000 ක් මැරුණා යුද්ධයේ අවසන කාලයේ. ඔක්ස්ෆර්ඩ් එකේ දේශනා කරන්න එන ඔය මිනිහ තමයි එකට නායකත්වය දුන්නේ ත්‍රිවිද හමුදා ප්‍රධානියා හැටියට. ඒ නිසා වහාම පිළිගත් නඩු විභාගයක් පැවතිය යුතුයි," යැයි හෙතම වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර යුරෝපයේ බොහොමයක් තානාපති නිලධාරීන් ජනාධ්පති රාජපක්ෂ වටා සිටින බව වාර්තා වේ. ඒ තුළ ලකුණු දා ගැනීම සඳහා කෙරෙන රඟපෑම් වල අඩුවක් නැති බව මේ අතර සඳහන් වේ.

කෙසේ වෙතත් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩ ඉතා සීමිතය. එය එසේ වුවහොත් එය අද ඊයෙක සැලසුමක් නොව කාලයක් තිස්සේ කළ සැලසුමක ප්‍රතිපලයක් විය හැකිය. නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ මෙරට පිහිටි මහා කොමසාරිස් කාර්යාලය රාජපක්ෂට සහතිකයක් ලබා දී ඇත. රාජපක්ෂ එය හමාර කොට ලංකාව පැමිණිය හොත් මුහුණ දුන් දුක් කම්කටොලු සියල්ලම වසා ගැනීම සඳහා මෝඩ වීරත්වයක් පෙන්නන රංගනයක් නම් කාට කාටත් තවත් දින දෙක තුනකින් බලා ගත හැකිය.


Tell a Friend