මුසාරෆ්ට ඉන්දියාව තහනම් කලාපයක් වෙයි

මෙම සති අන්තයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වීමට නියමිතව සිටි පකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුසාරෆ්ට වීසා ලබා නොදීමට ඉන්දීය රජය තීරණය කොට ඇත. ඊට ප්‍රධාන හේතුව ලෙස ඉන්දීය අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කොට ඇත්තේ ඔහු විසින් නොබෝදා ඉදිරිපත් කළ ඉන්දීය විරෝධී ප්‍රකශනය සහ පකිස්ථානයේ පවතින වත්මන් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට තම රට තුළ ඉඩ නොදීමට ඉන්දීය ආණ්ඩුව ගෙන ඇති තීරණය බව සඳහන් වේ.

Tell a Friend