රාජපක්ෂ සහ ෆොන්සේකා යුධ අපරාධ වලට වග කිව යුතුයි යැයි ඇමෙරිකානු තානාපති වරිය ලියලා - විකිලීක්ස්

ඇමෙරිකානු තානාපතිනි පැට්‍රිසියා බ්රුටනිස්ට අනුව රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය, දෙමළ ජනතාවට විරුද්ධව සිදු වූ යුධ අපරාධ වලට අවගකිව යුතුයි යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපැත්තමේන්තුවට දැනුම් දී ඇත. මේ බව අනාවරණය කරනු ලැබුවේ විකිලික්ස් විසින් නිකුත් කළ නවතම ලිපි ගොනුවලට අයත් වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලේඛන වලට අනුවය.

අදාල ලිපිය ලියා ඇත්තේ පසුගිය ජනවාරි 15 වැනිදා වන අතර එහිදී යුධ අපරාධ වලට වගකිව යුත්තෙක් ලෙස ජනරාල් සරත් ෆොන්සේකාද නම් කොට තිබේ. එසේම තානාපතිවරිය දැනුම් දී ඇත්තේ ආණ්ඩුව තවමත් බලයේ සිටින නමුත් ඒ පිළිබඳව කිසිම පරීක්ෂණයක් නොකරන බවයි.

කෙසේ වෙතත් අදාල වාර්තාව මීට මාස කිහිපයකට පෙර ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාව පිලිබඳ නිකුත් කළ වාර්තාව අතර කිසිඳු වෙනසක් නැත.

Tell a Friend