හේතුව මුස්ලිම් නොවන අයෙකුට පෙම් කිරීමලු
හැරී පොර්ටර් චිත්රපටයේ පද්මා පටිල් නමින් රඟ පෑ 22 හැවිරිදි නිළිය වන අෆ්ෂන් අසාද් තමන්ගේ පියාගෙන් සහ සහෝදරයේගෙන් එල්ල වූ මරණ තර්ජන නිසා නිවසින් පලා ගොස් ඇත. එසේ මරණ තර්ජන එල්ල වීමට හේතුව වී ඇත්තේ අයගේ පෙම්වතා මුස්ලිම් අයෙකු නොවීම හෙළිදරව් වීමෙන් පසුය. අදාල සම්බන්ධය හෙළිදරව් වීමෙන් පසු 28 හැවිරිදි ඇයගේ සහෝදරයා වන අස්රෆ් ඇයට නිවසේදීම පහර දී ඇති අතර ඉන් පසු මරණ බවට තර්ජනය කොට ඇත. ඉන් බේරීම සඳහා තම කාමරයේ ඇති ජනේලයෙන් එලියට පැන ඇති ඇය නගරයෙන්ද පලා ගොස් ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ පහරදීම සහ මරණීය තර්ජන එල්ල කිරීම ගැන වූ නීතිමය ක්රියාමාර්ග ක්රියාත්මක වන නමුත් ඇය උසාවිය ඉදිරියේ පෙනී සිටීම ප්රතික්ෂේප කරමින් සිටින්නීය.
Post a Comment