හයිටියේ අවුල: සංවර්ධනය වෙමින් පැවතීම සහ ජන සංහාරය

ෆිදෙල් කස්ත්‍රෝ විසිනි

මීට මස කිහිපයකට කලින් හරියටම 2010 ජුලි මාසයේ 29 වැනිදා කියුබාවේ බුද්ධිමතුන් සහ කලාකරුවන් එක්ව පැවති සම්මේලනයට සහභාගී වූ එකසත් ජනපදයේ සාමය සඳහා වූ පුජකවරුන්ගේ සංවිධානයේ නායකයා වන ලුසිස් වොල්කෙර් මගෙන් ඇසුවේ හයිටියේ පැන නැගී ඇති ගැටලුවට විසඳුමක් තිබේද යන්නයි.

එවිට කිසිම පැකිලිමකින් තොරව වර්තමාන ලෝකය තුළ ඒවාට විසඳුමක් නැහැ ලුසිස්, යැයි කීවෙමි. එසේම එය අනාගතයේදීද එලෙසම පැවතිය හැකි බව සඳහන් කළෙමි. එක්සත් ජනපදය වූ කලි වැඩි ආහාර ප්‍රමාණයක් නිපදවන රටකි. ඉන් බිලියන් 2 කට අහාර දීමට හැකිය. එසේම හයිටියේ භූමිකම්පාවෙන් විනාශ වූ සියලුම ගොඩනැගිලි යළි ඉදිකිරීමේ හැකියාව ඊට තිබේ. නමුත් ප්‍රශ්නය ඔවුන්ට ඇති සම්පත් බෙදී යාමේ විෂමතාවයයි. හයිටිය වූ කලී යළිත් මුල සිටම තැනිය යුතු පරිපාලන ඒකකයකි. නමුත් වත්මන් ලෝකයට ඊට විසඳුම සෙවීමට හැකියාවක් ඇත්තේ නැත, යනුවෙන් මම ඊට පිළිතුරු දුන්නෙමි.

එහිදී ලුසිස්, හයිටියේ ශාක්ෂරතාවය, එච්අයිවී ආසාධිතයින්ගේ ගැටලුව, එකසත් ජාතීන්ගේ මැදිහත් වීම, ආහාර පිසීම සඳහා ඉන්ධන භාවිතය, වනාන්තර විනාශය, දැරිය නොහැකි මට්ටමේ ජනගහන වර්ධනය මෙන්ම කඳුවල පවතින ගැටලු පිළිබඳව තොරතුරු ගෙන හැර පෑවේය.

එවිට ඔය තත්වය වෙනස් වීමටනම් ඔබට ඔබේ එකසත් ජනපදයේ අහාර හයිටියට ගෙන ආ හැකිද? යයි ඇසුවෙමි.

පවතින තත්වය මනාව තේරුම් ගත් ඒ උත්තරීතර මිනිසා ඉන් පසු හරියටම සති 07 ගෙවුණු තැන අපෙන් වියෝ වූහ. එවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. අමෙරිකානුවන්ට ඔහුගේ ජීවිතය ආදර්ශයක් යයි කීම අතිශෝක්තියක් නොවේ.

හයිටියේ ඛේදවාචකය නිමක් නැත. එහි නියම තත්වය තවමත් අපට පෙනෙන්ට නැති වුනත් එහි මුලික මෙන්ම භයානක ලක්ෂණ මතුපිටට පැමිණෙමින් ඇත්තේ පසුගිය නොවැම්බර් 05 වනදා මුළු රටම දෙවනත් කරමින් හමා ගිය චණ්ඩ මාරුතයේ ශේෂය ලෙස කොලරාව වසංගතක් බඳු තත්වයට පත් වීමයි. එය කුණාටුව හමා යාමට පෙර එනම් ඔක්තෝම්බර් 25 වනදා වන විට එහි වාර්තා ගත වී තිබු කොලරා රෝගීන්ගේ සංඛ්‍යාව 3000 කි.

එය මේ වනවිට ක්‍රමිකව පවතින තත්වානුරූපියට අනුව වැඩි වෙමින් ඇති අතර අවදානයද දිනාගනිමින් තිබේ.

නුතන ඉතිහාසය පිරික්සීමේදී කොලරාව මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1817 දී එනම් 19 වන ශතවර්ෂයේදීය. එය ඉන්දියාවේ මුලින්ම වසංගතයන් ලෙස ව්‍යාප්ත විය. 1826 දී මොස්කව්, බර්ලින්, ලන්ඩන් ඇතුළු යුරෝපය ආක්‍රමණය කළ එය අපි වෙසෙන ප්‍රදේශය ( ලතින් ඇමෙරිකාව) කරා ඇදී ආවේ 1832-1839 කාලයේදීය.

ඉන් පසු 1846 දී යලිත් වසංගත තත්වයකින් ආසියාව, අප්‍රිකාව සහ ඇමෙරිකානු මහද්වීප බැට කෑවේය.එය එම ශතවර්ෂය පුරාම අදාල කලාප වල අඛණ්ඩව ව්‍යාප්ත විය. කෙසේ වෙතත් වසර සියගණනක් එනම් 20 වැනි ශතවර්ෂය පුරාම ලතින් ඇමෙරිකාව සහ කැරබියානු දුපත් සමුහය අදාල වසංගත වලින් නිදහස්ව පැවතුනි. නමුත් 1991 ජනවාරි 27 වැනිදා එම වාර්තාව වෙනස් කරමින් පේරු හි චන්කි වරායෙන් ආරම්භ වූ වසංගත තත්වය වසර හයක් තිස්සේ රටවල් ගණනාවක් පුරා ව්‍යාප්ත වෙමින් 6,50,000 ක් රෝගීන් බවට පත් කළහ.

කිසිඳු සැකයකින් තොරව පිරිසිදු පානිය ජලය නොමැති වීම සහ අපවිත්‍ර ජලය පිට කිරීම සඳහා නිවැරදි ක්‍රම බවතා නොකිරීම කොලරා වසංගතය සීග්‍රයෙන් අදාල දුප්පත් රටවල ව්‍යාප්ත වීමට හේතු විය.

හයිටියේ වර්තමානයේදී සුදු වී ඇති තත්වද එයයි. එනම ඇති වූ භූමිකම්පාවෙන් එරට පානිය ජල නල සහ අපවිත්‍ර ජලය මුදාහරින නල විනාශ වී පානිය ජලය සමඟ ඒවා එකතු වී ඇත. එසේම ඉන් පසු මිලියන් ගණන් ජනතාව කුඩාරම් වල දිවි ගෙවීම ඇරඹුවේ කිසිඳු ක්‍රමවත් වැසිකිලි පහසුකමක්වත් නොමැති සියල්ලම මිශ්‍ර වන තත්වයකදීය. 1991 දී ඇති වූ කොලාරා තත්වයට සමාන තත්වයක් හයිටිය තුළ ස්මතු වී ඇතිබවත් විබ්රියෝ 01 නමැති කොලරා බැක්ටීරියාව හඳුනා ගත හැකි බවත් සඳහන් වේ. එසේම පෑන් ඇමෙරිකානු සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෝන් අන්ද්රූස් සඳහන් කළේද හිටියේ කොලරා වසංගතයට හේතුවන බැක්ටීරියාවේ ක්‍රමික වර්ධනයක් ඇති බවත් එය ඉතා දැඩි බලපෑම් වලට හේතුවිය හැකි බවත්ය.

පසුගිය කාලය පුරා අපි විසින් හයිටියෙන් පැමිණි වෛද්‍යවරුන් වසර ගණනාවක් තිස්සේ පුහුණු කළෙමු. එසේම වෛද්‍ය උපකරණ ලබා දුන්නෙමු. ඒ අතරවාරයේදී වසරක් පාසා එහි ගැටලු වඩාත් සන්කිර්ත සවරූපයක් ගත්තේය. ඇති වූ භූමිකම්පාවෙන් මියගිය ගණන 2,50000 වූ නමුත් නිවැරදි සංඛ්‍යාව තවමත් තහවුරු වී නොමැත. එහිදී අපේ ජාත්‍යන්තර වෛද්‍යවරුන් කණ්ඩායමක් එහි විපතට පත් වූවන්ට වෙහෙස නොබලා සහන සේවයේ යෙදුනහ.

මතක නොකළ යුතු කාරණය වන්නේ හයිටිය පදනමේ සියම ගොඩ නැගිය යුතු රටක් යන්නයි. පරහිතකාමී අයගෙන් බලාපොරොත්තු වන්නේ එයයි.

( කියුබාවේ හිටපු ජනාධිපති වන ලේඛකයා විසින් හයිටිය පිළිබඳ ලියු ඇසුරින් මෙම ලිපිය සකස් කරනු ලැබුණි) Tell a Friend