අවිස්‌සාවේල්ල අවන්හලකට පැන කළමනාකරුට පහරදී කපා කොටා පලා යති

සෝමචන්ද්‍ර යකන්දාවල

අවිස්‌සාවේල්ල අවන්හලකට රාත්‍රි 8.30 ට පමණ ඇතුළු වූ ආයුධ සන්නද්ධ තිදෙනකු විසින් එහි කළමනාකාරවරයාට ආයුධයකින් පහරදී කපා කොටා පැනගොස්‌ ඇතැයි අවිස්‌සාවේල්ල පොලිසිය කියයි.

ඊයේ (25 වැනිදා) රාත්‍රි 8.30 ට පමණ මෙම ආයතනයට කඩා වැදුන මෙම පිරිස කළමනාකාරවරයාට කඩුවක්‌ වැනි ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කොට පලාගොස්‌ ඇති අතර තුවාලකරු අවිස්‌සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

අවිස්‌සාවේල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ අරඹා ඇති අතර සැකකරුවන් හැකි ඉක්‌මණින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇතැයි අවිස්‌සාවේල්ල ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තේනුක මහතා පවසයි.

Tell a Friend