වලස්මුල්ල- හොරේවෙල, මුරුතමල්ගම, අංක 57 හි පදිංචි දරුවන් 04 දෙනකුගේ තරුණ මවක් සිරුරට ගිනි ඇවිලී මිය යැමේ ශෝක ජනක පුවතක් වාර්තා වේ. මෙසේ සිරුරට ගිනි ඇවිලී බරපතල ලෙස පිළිස්සීමෙන් මාතර මහ රෝහලේ දී ශෝකජනක ලෙස මියගියේ විදාන ගමගේ රංජනී නමැති අවුරුදු 40 ක මවකි.
එවෙලේ නිවසේ සිටි ඇයගේ තුන්වැනි පුතා වන ගුරුසිංහගේ හෂාන් විදුරංග (අවු. 16) මෙසේ කීවේය. එදා මම අ.පො.ස (සා.පෙළ) විභාගයට පොත් පාඩම් කරමින් හිටියා. හවස 5 ට විතර තේ එකක් බොන්න ඉල්ලා ගෙන මා අම්මා සිටි කුස්සිය පැත්තට ගියා. කුස්සියේ සිටි අම්මා ගිනි ඇවිලී ගෙන එළියට දිව්වා. මා තාත්තාට කෑ ගැහුවා. තාත්තාත් දුවලා ඇවිත් අම්මාට වතුර ගහලා ගින්දර නිවල ත්රීවීලරයකින් වලස්මුල්ල රෝහලට අරගෙන ගියා. අම්මා ඊට පසුව මාතර මහ රෝහලට යෑව්වා. අම්මා වතුර ඉල්ලා ගෙනත් බිව්වා.
මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී. එම්. ලලිත් ද සිල්වා මහතා හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇඟට භූමිතෙල් වැටීමෙන් පසුව ඇති වූ ගිනි ගැනීමෙන් සිදුවූ හදිසි මරණයක් යෑයි පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ටී. කේ. ජයවීර මහතා විසින් පවත්වන ලදී. වලස්මුල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප. විඡේන්ද්‍ර මහතාගේ උපදෙස් මත පො. සැ. 10604 ලලිත් කුමාර මහතා විසින් පොලිස් පරීක්ෂණ සිදු කරන ලදී.
Home Unlabelled අම්මා ගිනි ඇවිළී සිටිනු දුටුවා
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment