විකිලීක්ස් මොනවා කිව්වත් අපි එහෙමමයි අනේ - කිල්න්ටන් ඉන්දියාවට කියයි

විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළි කරමින් සිටින රහස් ගැන ඉන්දියාවේ විදේශ ඇමති එස්. එම ක්‍රිෂ්ණා වෙත කතා කළ එකසත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි කිලින්ටන් දෙරට අතර වර්ධනය වෙමින් පවතින මිත්‍ර සම්බන්ධතාවල කිසිඳු පසුබැසීමක් නොකර ගත යුතු බව අවධාරණය කොට ඇත. එසේම ඉන්දියාවද ඊට කැමැත්ත පලකොට ඇති එරට විදේශ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක කොව්ල්ය් සඳහන් කළ ආකාරයට දෙරටේ නියෝජිතයින් අතර විනාඩි 15 ක් පමණ දුරකථන සංවාදයක් අදාල කරණය සම්බන්ධයෙන් පවත්වා තිබේ. එහිදී ජනාධිපති ඔබාමා විසින් කළ පලදායි ඉන්දීය සංචාර ගැන මෙන්ම කලාපිය ප්‍රවණතා ගැන කතා කළ බව වාර්තා වේ.

Tell a Friend