හර්ෂි සි. පෙරේරා
මෙන්න පුවත් සිරස්තලයක් : තනිව ජීවත් වූ මහලු කතගේ ගෙල වෙන් වෙන්නම කපා දමලා
මෙන්න තවත් පුවත් සිරස්තලයක් : පහර දී මරා දමා සිරුර වෙළක දමලා
මේ දේවල් සිදුවන්නේ උදේ දවල් පන්සිල් ගන්න හරකුන්ට අභය දානය දෙන්නට උපාසික උපාසිකාවන් සැදැහැ සිතින් ඉදිරිපත්වන අපේම රටේය. මේ රටේ පරමාධිපත්‍යය හිමි ජනතාව ද අපිමය. අපේ පාලකයින් යැයි කියා ගන්නා භාරකරුවන් අපට උපදෙස් දෙන්නේ පන්සලට පල්ලියට හා කොවිලට යන ලෙසය. තවද ඔවුන් ජාතික ගීයට හුරේ දමනවාට අකමැතිය. අත්කොට කමිස ඇද රට ගැන තින්දු ගනු ලබන රැස්විමි වලට එනවාටද විරුද්ධය.
මේ දේවල් නරක නැත. එහෙත් ගැටලුවක් ඇත. එනමි සීග්‍රයෙන් ඉහළ යන අපරාධ, නීතිය නොමැතිකම හා මානව හිමිකමි උල්ලංඝනයන් ගැන දක්වන ඇදහිය නොහැකි නිහඩතාවයයි.
අපේ රටේ අපරාධ නඩුවක් විභාග වි අවසන්විමට අවම වශයෙන් අවුරුදු පහක්වත් ගතවේ. අපරාධ සදහා දඩුවමි ලබන ප්‍රතිශතය 4% ක් පමණය. බන්ධනාගාර වල සිටින සිරකරුවන් ගෙන් 60%ක්ම සැකකරුවන්ය. බන්ධනාගාරය අපරාධ උගන්වන තැනකයි කිවහොත් එයද අතිශෝතියක් නොවෙ. මක්නිසාදයත් එවායේ ඒ තරමටම නීති විරෝධි ක්‍රියා සිදුවන බැවිනි. අද (2010.12.18) ලංකාදීප පුවත් පත වාර්තා කරන ආකාරයට අනුරාධපුර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 37ක් සොයාගෙන ඇත.
අප ගමන් කරන්නේ මිත්‍යාවකද? මෙසේ අසන්නට සිදුව ඇත්තේ කටුක යථාර්තය සැබෑ වෙනසකට ලක්කිරිමට මෙරට ප්‍රභූන්ද ඇතුලුව සියලු සාමාන්‍යය ජනතාව තුළින් විද්‍යාමාන වන උකටලී ප්‍රතිචාරය නිසාය.
Post a Comment