බෑන් කී මූන් කමිටුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හමුවීමට අවශ්‍ය නම් කළ යුත්තේ එම කමිටුව ලංකාවට ගෙන්වා ගැනීම නොව අදාළ කොමිසම නිව්යෝර්ක් නගරයට යෑවීම බව චින්තන පර්ෂදයේ ලේකම් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ආණ්ඩුව බෑන් කී මූන් විසින් පත්කරන ලද ලංකාව පිළිබඳ ඊනියා උපදෙස් දෙන කමිටුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මුණගැසීමට අවස්ථාවක් ලබාදීමට යන බව කියෑවෙයි. එහිදී විදේශ ඇමැති ජී. එල්. පීරිස් මහතා විශේෂ කාර්යක් ඉටුකර ඇති බව ද සඳහන් වෙයි. කමිටුව ලංකාවට පැමිණෙන්නේ ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් කතාව තහනම් කිරීමට හා ලියම් ෆොක්ස් මහතාගේ ලංකා සංචාරය නතර කිරීමට එංගලන්ත ආණ්ඩුව ක්‍රියාකර තිබෙන අවස්ථාවක ය. මේ කමිටුවට ලංකාවට පැමිණීමට අවසර දීම මගින් ආණ්ඩුව තම මුල් ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇත. මුලදී ආණ්ඩුව කියාසිටියේ බෑන් කී මූන් කමිටුවට ලංකාවට පැමිණීමට වීසා නොදෙන බව ය.
කුමක් කීව ද බෑන් කී මූන් කමිටුව පත්කර ඇත්තේ ලංකාණ්ඩුවේ හා හමුදාවේ ඊනියා යුද්ධාපරාධ ගැන පරීක්ෂා කිරීමට ය. ගොනා හැරෙන්නේ කුමකට දැයි නොදන්නා ලෙස හැසිරෙන්නේ ගොනුන් යෑයි අපි නො කියමු. ඔවුහු කේප්ප ගොන්නු වෙති. ඊනියා යුද්ධාපරාධ ගැන පිරික්සීම රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙයි. එසේ නොසිතන්නේ රාජ්‍ය නොවන සංවිධාන, ඇතැම් ආගමික පූජකවරු, චන්ද්‍රිකා ආණ්ඩුවේ පැකේජය වෙනුවෙන් දරදිය ඇද්ද පුද්ගලයන් ය. මේ කමිටුව ලංකාවට පැමිණ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පමණක් හමු වී යනු ඇතැයි අපි විශ්වාස නොකරමු. ඔවුන්ට වීසා නිකුත් කිරීමේ දී එවැනි කොන්දේසියක් පනවා ක්‍රියාත්මක කිරීමට ලංකාණ්ඩුවට නො හැකි ය. දෙමළ ජාතිවාදී නායකයන්, ඇතැම් ආගමික පූජකවරුන්, ජෙහාන් පෙරේරා වැනි ක්‍රිස්තියානි සාම මණ්ඩල නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පමණක් නොව අද බටහිරයන්ගේ සාක්ෂිකරුවකු බවට පත්ව සිටින සරත් ෆොන්සේකා, ජයලත් ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ වැන්නන් ද නිල නොවන වශයෙන් යෑයි කියමින් බෑන් කී මූන් කමිටුව හමු වී කතාබස් කරනු ඇත. මේ කතාබස් පසුව සාක්ෂි බවට පත්වනු ඇත. මේ කමිටුවට ලංකාවට පැමිණීමට අවසර දීම යනු ආණ්ඩුව තම මිනී වළ කපා ගැනීමකි.
බෑන් කී මූන් කමිටුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මුණගැසීමට වුවමනාවක් ඇත්නම් ඒ සඳහා ඉඩකඩ සැපයිය හැකි ය. කළ යුත්තේ කොමිසම නිව්යෝක් නගරයට යෑවීම ය. එහි දී අවශ්‍ය නම් බෑන් කී මූන්ට වුව ද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මුණගැසිය හැකි ය. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම නිව්යෝර්ක් නගරයට පමණක් නොව ඇමරිකාවේ, කැනඩාවේ, එංගලන්තයේ, ප්‍රංශයේ, ඉතාලියේ, ඔස්ටේ්රලියාවේ හා අවශ්‍ය යෑයි සිතෙන තවත් රටවල තෝරාගත් නගර කිහිපයකට යවා සාක්ෂි විමසීමට පියවර ගන්නා ලෙස චින්තන පර්ෂදය ආණ්ඩුවට යෝජනා කර සිටියි.
Home statement මූන්ගේ කමිටුවට මුහුණ දිය යුතු අයුරු ගැන ඔහු මෙසේ කිව්වේය
මූන්ගේ කමිටුවට මුහුණ දිය යුතු අයුරු ගැන ඔහු මෙසේ කිව්වේය
By Sri Lanka Guardian • December 20, 2010 • interviews Politics statement • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment