ලංකා ආණ්ඩුවත් නොබෙල් ත්‍යාග උළෙල වර්ජනය කරයි!

එළඹෙන සිකුරාදා නොර්වේ ඔස්ලෝ නුවර පැවැත්වීමට නියමිත නොබෙල් ත්‍යාග උළෙලට සහභාගී නොවීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා රජපය උපුටා දක්වමින් ඉන්දීය පුවත් පත් වාර්තා කළේය. විදේශ කටයුතු අමාත්‍යංශයේ නම හෙළිකිරීමට අකමැති බව පවසා එක නිලධාරියෙකු කියා ඇත්තේ එක චීනයක් යන ප්‍රතිපත්තිය සමඟ තමන් සිටින හෙයින්, මෙවර සාමය සඳහා නොබෙල් ත්‍යාගයක් හිමිකරගත් ලු ශියාබාවෝ හේතුවෙන් අදාල උත්සවය වර්ජනය කිරීමට තීරණය කළ බව පැවසේ. ඒ අනුව අදාල වර්ජනය සඳහා මේ වන විට රටවල් 18 ක් පෙනී සිටිති.

චීනය ලංකා අනුදුවට වැඩිම නය සහ ආධාර ලබාදෙන රාජ්‍ය වේ.