By
Sri Lanka Guardian
•
December 17, 2010
•
feature
finance
•
2012 වසර වන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වැඩ කටයුතු නිමවන බව එහි සිවිල් ඉංජිනේරු සැලසුම් හා නිර්මාණ අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙහි පළමු අදියර සඳහා පමණක් ඩොලර් මිලියන 190ක් වැයවේ. මෙහි ගුවන් පථය මීටර් 3500ක් දික්වන අතර එහි පළල මීටර් 75කි. මේ නිසා මෙහි ඒ 380 වැනි ගුවන් යානාද ගොඩ බැස්සිය හැකිය. ලංකා ගාඩියන් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම ගුවන් තොටුපල විවුර්ත කිරීම අදියර දෙකකින් පැවැත්වෙන අතර එය මත්තල ලෙස පළමුවද දෙවනුව නාමල් රාජපක්ෂ ලෙසද නම් කරණු ඇත.
මෙහි මීටර් 41ක උසින් යුත් ගුවන් යානා පාලන මැදිරියක් සහ ගුවන් යානා භාණ්ඩ බෑම සඳහා වෙනම පර්යන්තයක්ද ඉදි කරන අතර එය ගුවන් තොටුපළකට විශාල ආදායමක් ලබා දෙන්නකි. හදිසි ගිනි හා ඉන්ධන අනතුරු මැඩ පැවැත්වීමේ ඒකකයක්ද පිහිටුවන අතර ජම්බෝ ජෙට් මගී පර්යන්තයක්ද ඉදි කෙරේ.
මුල් අදියරේ දී වසරකට ගුවන් මගීන් දශලක්ෂයකට සේවය ලබා දිය හැකි මගී පර්යන්තයක මූලිකව ඉදි කෙරෙන අතර අන්තර් ජාතික සිවිල් ගුවන් ප්‍රමිතීන්ට අනුකූලව අති නවීන ගුවන් බඩු හැසිරවීමේ පද්ධතියක් ද පිහිටවනු ලබයි.
Post a Comment