රාජපක්ෂ පුර්ණ කාලින ජාති ද්‍රෝහියෙක් වෙයි: සිංහලයින් ජාතිවාදීන් කොට රැකවරණය සොයයි

පසුගිය බදාදා පැවති කැබිනට් රැස්වීමේදී රාජපක්ෂ ආණ්ඩුව වඩාත් කනගාටුදායක සහ දුෂ්ට තීන්දුවක් ගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල බෂාවෙන් පමණක් පැවැත්වීමට තීරණය කොට ඇති අතර එහි දෙමළ පරිවර්තනය ඉවත් කොට තිබේ. ඒ අනුව මින් පසු පැවැත්වෙන ඕනෑම ජාතික උත්සවයක් සඳහා අදාල ජාතික ගීය සිංහල බසින් පමණක් ගැයීමට තීරණය කොට තිබේ. එය දෙමළ ජනතාව වැඩි පිරිසක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශ වලටද වලංගු වේ.

මෙය රාජපක්ෂගේ ඍජු තීරණයක් වී ඇති බව පැවසේ. එසේම අදාල තීන්දුව ගැනීම ඔහු තමන්ගේ අසාර්ථක පුද්ගලික ලන්ඩන් සංචාරයෙන් පසු පෙරලා සිය රට පැමිණි පසු සිදු කළ අතර , බදාදා රාත්‍රියේ ඔහු කියා ඇත්තේ ලෝකේ කිසිම රටක ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරන්නේ නැති බවයි. එසේම හිටපු අගමැතිනි සිරිමාවෝ උපුටා දක්වමින් එක අවස්ථවක ජාතික ගීය දෙමලෙන් විකාශය කරන විට ය වේදිකාවෙන් ඉවත්ව ගිය බව රාජපක්ෂ ජනාධිපතිවරයා මතක් කොට තමන්ගේ යෝජනාව සදාරනිකරණය කළේය.

අදාල යෝජනාව සඳහා පසුගියදා අපි කොන්ඩම් යයි ලියූ බැනරයක් උස්සගෙන බ්‍රිතාන්‍යට විරුද්ධව පෙළපාලි ගිය විමල් වීරවංශ ඇතුළු ඇමතිවරුන් කැමති වූහ. නමුත් වාසුදේව නානායක්කාර සහ රාජිත සේනාරත්න ඊට විරෝධය පල කරමින් එය මෙවැනි අවස්ථවක සුදුසු නැතැයි කිවේය.


Tell a Friend