මෙය රාජපක්ෂගේ ඍජු තීරණයක් වී ඇති බව පැවසේ. එසේම අදාල තීන්දුව ගැනීම ඔහු තමන්ගේ අසාර්ථක පුද්ගලික ලන්ඩන් සංචාරයෙන් පසු පෙරලා සිය රට පැමිණි පසු සිදු කළ අතර , බදාදා රාත්‍රියේ ඔහු කියා ඇත්තේ ලෝකේ කිසිම රටක ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරන්නේ නැති බවයි. එසේම හිටපු අගමැතිනි සිරිමාවෝ උපුටා දක්වමින් එක අවස්ථවක ජාතික ගීය දෙමලෙන් විකාශය කරන විට ය වේදිකාවෙන් ඉවත්ව ගිය බව රාජපක්ෂ ජනාධිපතිවරයා මතක් කොට තමන්ගේ යෝජනාව සදාරනිකරණය කළේය.
අදාල යෝජනාව සඳහා පසුගියදා අපි කොන්ඩම් යයි ලියූ බැනරයක් උස්සගෙන බ්‍රිතාන්‍යට විරුද්ධව පෙළපාලි ගිය විමල් වීරවංශ ඇතුළු ඇමතිවරුන් කැමති වූහ. නමුත් වාසුදේව නානායක්කාර සහ රාජිත සේනාරත්න ඊට විරෝධය පල කරමින් එය මෙවැනි අවස්ථවක සුදුසු නැතැයි කිවේය.

Post a Comment