මෙරටට කුඩු ගෙන්නන්ට දඩුවමි කරනු!


හර්ෂි සි. පෙරේරා


මාධ්‍යය වාර්තා අනුව කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ පනහක් සොයාගත් බව වරාය ආරංචි මාර්ග කියයි.

ලංකාවෙි පොලිසිය අත්අඩංගුවට ගන්නේත් අධිකරණය නඩු දමන්නේත් කුඩු බොන අයටයි. කුඩු ගෙන්නන්නේ සමාජ ප්‍රබලයින්ය. ඔවුන් අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින්ද සිටිති. ඔවුන් පසුපස පොලිසිය ලුහු බදින්නේ නැත. අධිකරණය ඔවුන් සමිබන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට, රස පරීක්ෂක වාර්තා කැදවිමට නීතිපති උපදෙස් සදහායයි කියමන් අවුරුදු ගනන් සිරගෙදර ලැග්ගවිමට කටයුතු කරන්නේද නැත.

ලංකාවෙි පොලිසිය පොඩිඩන්ට බොරු නඩු දැමිමෙහිලා ඉතා දක්ෂය. ඒ පිළිබද හොද ප්‍රසිද්ධියක්ද උසුලති. එහිලා වැඩියෙන්ම යොදා ගන්නේ කුඩු ලග තබා ගැනිම හෝ ජාවරමිකිරිමය. පොලිසියට දත් කුඩු පමණක් නොව පැනඩොල් කුඩුද හෙරොයින් බවට පත්වේ.

නැකත්දුරගේ අනුලාවති ඉතාම මැතකදි රුපියල් 5000ක දඩයක් ගෙවා නිදහස් විය. ඇගේ නඩු අංකය 1694/08 වෙි. පිළිය්නදල පොලිසිය දැමු චෝදනාව කුඩු මිලිග්‍රැමි 600ක් ලග තබා ගැනිමය. රස පරික්ෂකට අනුව කුඩු පැකටි වල තිබුණේ මැනිය නොහැකි තරමි වු හෙරොයින් ප්‍රමාණයකි.

ඌව අධිකාරිගේ සෝමාවති වසර 07කට වැඩිකාලයක් රිමාණ්ඩි එකේය. නඩු අංකය 51443. මොරටුව පොලිසියේ චෝදනාව හෙරොයින් මිලි ග්රැමි 1100ක් ලග තබා ගැනම හා හෙරොයින් මිලි ග්රැමි 100ක් විකිණිමය. රස පරීක්ෂක වාර්තාවට අනුව පලවන පැකටිටුවේ කුඩු මිලි ග්රැමි 25ක්ද දෙවන පැකටිටුවේ කුඩු මිලිග්රැමි 228ක්ද තිබි ඇත.

ඉහත ආකාරයේ උදාහරණ සිය දහස් ගණනකි. නමුත් මහා පරිමානයේ කුඩු ජාවරමිකරුවන්ට විරුද්ධව නිතිය අන්ධය. ගොලුය. බිහිරිය. ඔවුන් අත්අඩංගුවට ගන්නැයි කෙරෙන උද්ඝෝෂණයක් ද නැත. හෙරොයින් ගෙන්නන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස හඩක් නැගිමට මෙරට සාමාන්‍යය ජනතාව පෙල ගැසිය යුතු සුදුසුම කාලයත් අවස්ථාවත් එළඔ ඇත.

Tell a Friend