රිසානාගේ ජීවිතය තවමත් අනතුරේ

කොළඹ ජනමාධ්‍ය ගණනාවක ඇමති ඩිලාන් පෙරේරා සවුදි අරාභියේ මරණ දණ්ඩනයට නියම වී සිටින රිසානා නෆීක් නමැති ලාංකික තරුණියගේ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් එම මරණීය දණ්ඩනය තාවකාලිකව අත් හිටුවා ඇති බවටත් සවුදි අරාබියේ රජතුමාට ඇයට සමාව දීමේ බලයක් නොමැති බවටත් පළ කොට තිබු පුවත සත්‍ය නොවන බව සවුදි අරාභියේ ආරංචි මාර්ග වලින් පෙනී යයි.

සැබෑ තත්වය නම් රිසානා නෆීක්ගේ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීම සඳහා අයගේ ලිපි ගොනු දැන් සවුදි අරභියාවේ රජතුමා වෙත යොමු කොට ඇත. අවසාන තීන්දුව වශයෙන් පහත සඳහන් තීන්දු වලින් එකක් ගැනීමට රජතුමාට බලය ඇත.

1. මරණීය දණ්ඩනය පිලිබඳ තීන්දුව අවලංගු කොට ඇයට සමව දී මුදා හැරීම

2. මරණීය දණ්ඩනය පිලිබඳ තීන්දුව නැවත තහවුරු කිරීම - මෙම තීන්දුව රජතුමා විසින් ගත හොත් එය ක්‍රියාත්මක කොට ඇයගේ ගෙල සිඳ දැමීම වහාම සිදුවිය හැකිය.

3. ඇය පිලිබඳ ලිපිගොනුව ගැන තීරණයක් නොගෙන තිබෙන්නට හැරීම.

මෙම තීන්දු තුනෙන් එකක් ඉදිරි කාලේ ඕනෑම අවස්ථාවක ගැනීමේ බලය රජතුමා සතුය.

ඇයට සමාව දීමේ අයිතිය , සවුදි අරාභියේ රජතුමාට නැතැයි යනුවෙන් පළවුණා පුවත මුළුමනින්ම සාවද්‍යය . සවුදි අරාභියේ නිතිය තුළ අපරාධයක් සම්බන්ධයෙන් ඕනෑම අධිකරණයක් දෙන තීන්දුවක් මුළුමනින්ම අවලංගු කිරීමේ හැකියාව රජතුමා සතු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. අපරාධයකට සමව දීමේ අවසාන අයිතිය රජයේ ප්‍රධානියා සතු පරම අයිතියකි. එම අයිතිය ලංකාවේ නීතියට අනුව අයත් වන්නේ ලංකාවේ ජනාධිපතිවරයාටය. සවුදි අරාභියේ ආණ්ඩුව රාජාණ්ඩුවකි. එය තුළ පරම බලය රජතුමා සතුය. රිසානා නෆීක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සවුදි අරාභියේ පවතින මෙම නීතිමය තත්වය, ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත.

ඇමති ඩිලාන්ගේ ප්‍රකාශය සමහරවිට කරන්නට ඇත්තේ රජය විසින් මෙම මරණීය දඬුවම සම්බන්ධයෙන් තමන්ගේ යුතුකම් ඉටු කොට ඇතැයි යන හැගීම ඇතිකිරීමට විය හැකිය. එහෙත් සත්‍ය තොරතුරු මතවත්, අරාභියේ නිතිය පිළිබඳවවත් පදනම් වී කර ඇති ප්‍රකාශයක් නොවන බව මෙම කරුණ පිළිබඳව පසුගිය අවුරුදු පහ තිස්සේ නොකඩවා ක්‍රියාත්මක වී ඇති ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පැහැදිලි කොට ඇත. ලොව පුරා රිසානා නෆීක්ගේ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා විශාල උද්ඝෝෂණයක් පවතී. ලංකාව පුරාද මුස්ලිම් ජාතිකයින් මෙන්ම අන් සියල්ලන් විසින්ද විශේෂයෙන්ම කාන්තා සංවිධාන මඟින්ද විශාල උද්ඝෝෂණයක් ගෙන යයි. ඇමතිවරයාගේ ප්‍රකාශය මඟින් රිසානාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගෙන යන මෙම විශාල උද්ඝෝෂණය තුළ ව්‍යාකුලත්වයක් ඇති විය හැකිය. එසේ ඇති වීමෙන් ඇයගේ ජීවිත බේරා ගැනීමට ඇති අවසාන ප්‍රයත්නයද යටපත් වීමට ඉඩ ඇත.

ආසියානු මානව හිමකම් කොමිසම ඉල්ලා සිටින්නේ ඇයගේ ජීවිත බෙර ගැනීම සඳහා ප්‍රයත්නය නොනවත්වා පවත්වාගෙන යන ලෙසය.

Tell a Friend