අසමත් ආණ්ඩුවේ හෙලුව වහන "යුධ අපරාධ චෝදනා" නමැති අම්බුඩය කරු ගලවයි

එක්සත් ජාතික පක‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියගේ විශේෂ ප්‍රකාශය

ලන්ඩන් නුවර දී සිදු වූ අපහසුතාවයෙන් ගැලවීමට උත්සාහ දරණ රජය එම සිද්ධිය පිළිබදව අවධානය වෙනතකට යොමු කිරීම සඳහා බිල්ලට දීමට අයවන් සොයමින් සිටින බව හොදින්ම පැහැදිලිය. අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි මැතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින අපරාධකරුවකුට රජය රැකවරණය ලබා දෙමින් සිටී. මෙම අපරාධකරුවාට භාරදීම සඳහා කිසිදු උත්සාහයක් නොගැනෙයි.

සෙබන් හා පොලිස් නිලධාරින් අමු අමුවේ මරා දැමූ පුද්ගලයා තම කණ්ඩායමේ රැදී සිටියදී මෙම රජයම 2010 - දෙසැම්බර් මස 04වන දින දී සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ පළ වූ නොමග යවන සු හා දේශපාලනමය දුෂ්ඨ චේතනාවන් අරමුනු කොට සකස් කරන ලද ශීර්ෂ පාඨයන් සම්බන්ධව පුන පුනා කරුණු දක්වමින් සිටී. රජයේ මෙම දෙබඩි පිළිවෙත අල්ත දෙයක් නොවේ. නොඑසේ නම් යුද්ධය ජයග්‍රහණ්‍ය කර මෙහෙය වූ ජෙනරාල් ෆොන්සේකා සිරගත කොට කේ.පී.ව සිය සැප පහසුකම් මධ්‍යයේ සතුටු කරන්නේ කෙසේද? එය එසේ තිබියදී 2010 දෙසැම්බර් 30වැනි දින මාධ්‍ය වෙත නිකුත් කරන ලද මාගේ ප්‍රකාශය හොඳින් කියවා බැවහොත් ඉරිදා දී අයිිලන්ඩ් ප්‍රධාන පුවතේ ශීර්ෂ පාඨයෙහි සඳහන් වන, අර්ථ දැක්වීම සහ භාවිතා කොට ඇති වචන පුවත්පත විසින්ම නිර්මානය කොට පළ කර ඇති අතර, මවිසින් නිකුත් කොට ඇති ප්‍රකාශයෙහි "දෙමළ
ඩයස්පෝරාව" හෝ "යුද අපරාධ"යන වචන කිසිදු ආකාරයකින් සඳහන් නොවේ.

මෙම සිද්ධිය මුල්කොට ගෙන ජාත්‍යාලයේ ගිනි දළු අවුලමින් දේශපාලන වාසියක් ලබාග ගැනීමට අදහස් කරන රජයේ මන්ත්‍රීවරුන් මාගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාව ගොනු කිරීම සඳහා ඉරිදා දී අයිලන්ඩ් පුවත්පත විසින් නිර්මාණය කොට ප්‍රසිද්ධ කළා වූ ශිර්ෂ පාඨය ප්‍රයෝජනයට ගැනීමට තෝරා ගෙන තිබීම අවසනාවන්ත හා හාස්‍යජනක වේ.

මා ඔවුන්ගෙන් ඉතා නෑකමින් ඉල්ලා සිටින්නේ එම ප්‍රකාශය ඉතා හොඳින් අධ්‍යයනය කරන ලෙස හා එකී ප්‍රකාශයෙහි දක්වා ඇති කරුණු පිළිබදව ගැඹුරින් සිතා බලන ලෙසයි. එම කරුනු යහපාලනය තහවුරු කිරීම, නීතියෙහි ආධිපත්‍ය පිහිටුවීම, ලෝක ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති වශ්වාසනීයත්වය හා පිලිගැනීම යළි ස්ථාපනය කිරීම ශ්‍රී ලාංකික රජයට තව දුරටත් වැදගත් වන්නේයැයි සිතන්නේ නම් ඒ පිළිබදව ඇතුලාන්තයට
නැමුරුව බලන ලෙස ඉල්ලා සිටිමි.

මගේ ප්‍රකාශයෙහි තවදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති රාජපක‍ෂ මහතා බි්‍රතාන්‍යයෙහි කළ සංචාරයේදී ඔහුට මුහුණ දීමට සිදු වූ විරෝධාතාකරුවන් වැනි කණ්ඩායම් පිළිබදව විශ්වාසනීයත්වය අඩු කළ හැක්කේ ජාතීන් අතර සමගි සන්ධාන ඇති කිරීම සඳහා ආර්ථවත් පියවර ගැනීමෙන් සහ සු ජන කොටස්වලට සාධාරණ ඉල්ලීම් පිළිබදව කටයුතු කිරීම මගින් බවයි.

ජනාධිපතිතුමා විසින් සිදු කළ බි්‍රතාන්‍ය චාරිකාව මගින් තහවුරු වන්නේ අපට තව දුරටත් ජාතියක් වශයෙන් හිස වැල්ලේ සඟවා ගෙන සිටිය නොහැකි බවයි. අප රටෙහි දමිළ පුරවැසියන්ගේ අභිලාෂයන් පිළිබදව ක්‍රියාකිරීම ප්‍රතිෙක‍ෂ්ප කිරීම හේතු කොට ගෙන තව දුරටත් එල්.ටී.ටී.ඊ ප්‍රතිපත්තියක් පැතිරවීමට උත්සාහ දරන ශේෂ වී ඇති කොටස් වලට ලෝකයේ අගනගර තුල බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකිය. මෙම කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හැකි සරල ක්‍රමය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ජනප්‍රිය සටන් පාඨ ඔවුන් වෙතින් ඉවත් කරවීම මගිනි. මෙය සාක‍ෂාත් කර ගැනීමට ඇති එකම ක්‍රියාමාර්ගය වන්නේ වාර්ගික ගැටළුව සඳහා අවංකවම දේශපාලන විසඳුම් සෙවීමයි.

මා වර්ෂ 7ක කාලයක් යුද හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කොට ඇත්තෙමි. (1965- 1972) මේ කාලය තුලදී විවිධ කැරළි කෝලාහලවලට මුහුණ දී ඇත්තෙමි. අවස්ථා දෙකකදී මා ඝාතනය කිරීමේ උත්සාහයක් පැවතිනි. මා තානාපතිවරයෙකු වශයෙන් යුරෝපීය රටවල් තුනක කටයුතු කර ඇත්තෙමි. දේශප්‍රේමියෙකු වශයෙන්, හංවඩු ගසා නොගත්තාට, මා මාගේ රටට ආදරයය කරමි. මාගේ ඇටකටු යම් දිනෙක ශ්‍රී ලංකා භූමියෙහිම වැළලෙනු ඇත.

කොළඹ පුරපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 199 වර්ෂයේදී බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයට තරඟ වැදුනු අවස්ථාවේ දී ප්‍රභාකරන් මා ඝාතනය කිරීම සඳහා මැතිවරණ වරෙන්තු නිකුත් කර තිබුණි. බුද්ධි අංශයක් මගින් මා වෙත කල්වේලා ඇතිව කළ දැනුම්දීම නිසා එම උත්සාහය අසාර්ථක විය.

වත්මන් මුරලිදරන් ඇමතිවරයා (කරුණා අම්මාන්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසුව ප්‍රභාකරන් විසින් මාව ඝාතනය කිරීම සඳහා සකස් කොට තිබූ සැලසුම පිළිබද විස්තර හොඳින් පැහැදිලි කළේය. ඝාතන උත්සාහය අසාර්ථක වූ විට තමන් විසින් දෙන ලද නියෝගය ඉටු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ප්‍රභාකරන් පොට්ටු අම්මාන්ට දොස් පැවරූ බවද, ඔහු මට පැවසීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මම කොන්දේසි විරහිතව රජයට සහාය දුනිමි. ඉන් බොහෝ ප්‍රථීඵළ අත්වය.

ශිෂ්ඨ ලොක්ය සමග ගනුදෙනු කිරීමේදී අප විසින් අනුගමනය කළ යුතු න්‍යාය ධර්මයන් ඇත. තානාපති කාර්්‍යාල ඉදිරියට ගොස් සටන් පාඨ කීමෙන් හෝ බලිතොවිල් නැටීමෙන් හෝ මාරාන්තික උපවාස පැවැත්වීමෙන් හෝ අපට ප්‍රතිඵල ලබාගත හැකිවන්නේ නැත. එබඳු ක්‍රියාමාර්ගයන්ගෙන් සිදුවන්නේ තව දුරටත් අපව ශිෂ්ඨ ලෝකයෙන් කොන් වීමයි. ජීවිතය පිළිබදව පවතින මෙම තත්ත්වයන් අප අවබෝධ කර ගත යුතුය.

මානව අයිතිවාසිකම් සීමාවන් ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකුට චෝදනා එල්ලවීමේදී එය ඔහුට කොතරම් බලපාන්නේදැයි මගේ පාර්ලිමේන්තු සගයන් කිසිවකුටත් වඩා හොඳින් මම දනිමි. ඇතැම් විට ලෝකය තුළ අපගේ හමුදාව වෙත මෙබදු චෝදනාවක් එල්ල වෙමින් පැවතීම හානිකරය. අපි එක් දෙයක් පැහැදිලිව අවබෝධ කර ගත යුතුය. ශ්‍රී ලංකාව වෙත මේ ආකාරයේ ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන්නේ එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීම නිසා හෝ අපට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින නිසාවෙන් හෝ නොවන වගයි.

ශ්‍රී ලංකාවට මේ ආකාරයේ තත්ත්වයකට මුහුණ දීටම සිදුවී ඇත්තේ අපගේ පාලකයන් විසින් යහපාලනය පිළිබදව පිලිගත් ශිෂ්ඨ සම්පන්න ප්‍රමිතීන් අනුව කි්‍රයා කිරීමට අසමත් වීමයි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ සදාචාරාත්මක වශයෙන් අපට හිමිව තිබූ ඉහළ ස්ථානය අහිමි වීමයි. 'බටහිර' ප්‍රමිතීන් හෝ 'පෙරදිග' ප්‍රමිතීන් හෝ කියා දෙයක් නොමැත. මිනිස් ජිවිතයේ පාරිශුද්ධත්වය පිළිබදව සහ මිහිමත සිටින සිය ජීවීන්ට සමව සැලකීම පිළිබදව විශ්ව සාධාරණ ඇතැම් ප්‍රමිතීන් ඇත. බුදුරදුන්ගේ ඉගැන්වීම් මඟ ඔස්සේ සියවස් ගනණක් ගමන් කළ පාලකයන් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට අප විසින්ම සකස් කර ගන්නා ප්‍රමිතීන් අප වෙත යෝජිත ප්‍රමිතීන්ට වඩා උසස් විය යුතුමය. මගේ ප්‍රකාශයෙන් මා ඉල්ලා සිටියේ ඇතුලට නැඹුරුව බලන ලෙසයි. යුද්ධය අවසන් වී තිබියදී දැන් කාලය එළැඹී ඇත්තේ යුදමය ලෙසින් හෝ ජාතිකෝන්මාදයෙන් යුතුව හෝ යුද ගැටුම් පිළිබදව සිතා බැලීමට නොව, අපට හා අපගේ රටට යුද්ධයෙන් ඇති වූ තුවාල සුවපත් වන ආකාරයෙන් ඒ දෙස බැලීමයි. යුද්ධය අවසන් වී ඇති නම් අපි යුද්ධය පැවති සමයේ භාවිතා කළ ආකාරයේ වචන භාවිතයෙන් සහ යුද සමයේ භාවිතා කළ ආකාරයේ ලේබල ඇලවීමෙන් වළකිමු.

ඡන්ද දිනාගැනීමට කරන උත්සාහයකදී ජනයා හා ජාතීන් අතර අවිශ්වාසය ජනිත කරවීමෙන් හා ජාතිවාදී ගැනිදැන් ඇවිලවීමෙන් පළකිමු. මගේ ප්‍රකාශයෙන් මා මේ රජයෙන් ඉල්ලා සිටියේ එක් ආකාරයක වටිනාකම් පද්ධතියක් වර්ධනය කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ සාඩම්බර ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායක් යළි ස්ථාපිත කරන ක්‍රමයක් වර්ධනය කරන ලෙසයි. 18වන සංශෝධනයෙන් බිහි කරන ලද ආකාරයේ පවුල්වාදි ආඥාදායක රජයකට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.

ඔක්ස්ෆර්ඩ් සංගමය ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිතුමාගේ දේශනය අවලංගු කිරීමෙන් පසුව ලන්ඩනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔක්ස්ෆර්ඩ් සංගමයට එල්ල වූ පීඩනයට ඔක්ස්ෆර්ඩ් සංගමය යටත් වීම සම්බන්ධයෙන් තම නොසතුට පළකරමින් අදහස් පළකළ මහාචාර්ය ගරු ජි.එල්.පීරිස්. මහතා එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතා සුප්‍රසිද්ධ ප්‍රංශ දාර්ශනික වෝලටෙයාර් උපුටා දක්වමින් කියා සිටියේ
"මම ඔබ කියා සිටින සියල්ල සමග එකඟ නොවෙමි. එසේ වුවද ඔබට එසේ කීමට ඇති ඇයිතිය මම මගේ මරණය දක්වා ආරක‍ෂා කරමි" යනුවෙනි. මා අද රජයට කියා සිටින්නේ එම වරප්‍රසාද මට ද ලබාදෙන ලෙසයි. මගේ මරණය දක්වාම මගේ අදහස් පළ කිරීමේ අයිතිය මට ලබා දෙන ලෙසයි. ජනාධිපති රාජපක‍ෂ මහතාට ඔක්ස්ෆර්ඩ් හි දී ඇමැතීමට අයිතිය ලැබිය යුතුව තිබුනේ නම් ශ්‍රී ලංකාවේ විරුද්ධ පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම නිදහස සඳහාම සුදුසුකම් ලැබීමට සුදුසු නොවන්නේද? එසේ වුවත් රජය ශ්‍රී ලංකාව තුල ක්‍රියා කරනු ලබන්නේ වෙනත් ආකාරයකිනි. ශ්‍රී ලංකාව තුළ විරුද්ධ මතවාද දරුණු ප්‍රහාරයන්ට ලක්වන අතර, එකඟ නොවීමට තරම් එඩිතර වන්නන් හට එරෙහිව, රාජ්‍ය බලය ක්‍රියාත්මක කෙරේ. මා සිදු කර ඇති දේශ ද්‍රෝහි ක්‍රියාව කුමක්ද? සමගි සන්ධානගත වීම සඳහා මා කළ ඉල්ලීම ද, අභ්‍යන්තරයට නැඹුරුවී සිතා බලන ලෙස මා කළ ඉල්ලීමද? අපගේ නිදහස් අයිතීන් සෝදාපාළු වීම, අපට එනම් මේ රටේ ජනතවාට වඩාත් වැදගත් වන බව කියා සිටීමද? අප අප විසින්ම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතු යැයි කියා සිටීමද? අද වනවිට මගේ ආදරණීය මාතෘ භූමය මුහුණ දී ඇති තත්ත්වය නිරීක‍ෂණයේදී හා ඒ පිළිබදව තැවීමේදී නිරන්තරයෙන් මගේ සිතට නැගෙන කියමනක් වෙයි. ඇමරිකානු ජාතික ශ්‍රේෂ්ඨ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලුතර් කිං නරක මිනිසුන් විසින් භාවිතා කරනු ලබන ද්වේශ සහගත වචන හා ක්‍රියාවන් සඳහා නොව, හොඳ මිනිසුන් තුළ පවතින සිත් සසළ කරවනසුළු නිහඬතාව පිළිබදවයි. නිහඬව නොසිටීමට මම දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන ඇත්තේමි. රට දැනට ක්‍රියා කරන ආකාරයෙන් දිගමට කටයුතු කළහොත් අපගේ ජාතිය පත් වන ඉරණමට වගකිව යුත්තෙක් වීමට මා සූදානම් නැත. මා ආලෝකය තුළ ගමන් කිරීම තෝරා ගතිමි. සත්‍යය කථා කිරීම තොරා ගතිමි. අද දිනයේ මා තෝරා ගන්නේ අඥාණ බව වෙනුවට ඥාණවන් භාවයද, ජනප්‍රියතාවය වෙනුවට යුක්තියයි.

මාගේ දැඩි බලාපොරොත්තුව වන්නේ අන් සියල්ලන්ම ද මා සමග ගමන් කරනු ඇතැයි කියාය. එවිට ශ්‍රී ලාංකිකයන් හැටියට අපට එක්ව එක්සත් භාවය සහ නිදහස උදෙසා අප යන දීර්ඝ ගමන ඇරඹිය හැකිය.


Tell a Friend