උපාධි අපේක්‍ෂිකාවගේ මළ සිරුර මානින්ගමුවේ ගැඹුරු ළිඳක

සරත් එරමිණිගම්මන

පල්ලෙපොල මානින්ගමුව නැගෙනහිර ග්‍රාම සේවා වසමේ අඩි 30 ක්‌ පමණ ගැඹුරැති ළිඳක ජලයේ පාවෙමින් තිබූ උපාධි අපේක්‍ෂිකාවකගේ මළ සිරුරක්‌ මහවෙල පොලිසිය මගින් 6 දා අලුයම සොයාගෙන ඇත.

මෙම මළ සිරුර, මැල්සිරිපුර, අඹන්පොල පදිංචි ප්‍රියසාදිනී ජයසිංහ (22) යන අයගේ බවට හඳුනාගෙන තිබේ.

මානින්ගමුව ප්‍රදේශයේ ඥති නිවසකට 5 දා පෙරවරුවේ පැමිණ ඇති මෙම තරුණිය නිවසේ පාඩම් කරමින් සිටියදී අලුයම සිට අතුරුදන් වීම නිසා සොයා බැලීමේදී ළිඳෙහි තිබී මළ සිරුර සොයා ගෙන ඇත.

මරණයට හේතුව අනාවරණය වී නොමැති අතර පස්‌වරුවේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

මහවෙල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

Tell a Friend