" මෙවර අයවැයෙන් ඇමතිවරුන්ට විශ්‍රාමපායක් ජනතාවට අපායක් ලැබුණා "

මෙවර අයවැයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ටඨ ඇමතිවරුන්ට විශ්‍රාමමපායකුත් ජනතාවට අපායකුත් ලැබුණ බව විපක්ෂනායකතුමන් පවසයි. එතුමන් මේ බව පැවසූයේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී අද (01) එජාප වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවෙමිනි.

පඩි වැඩිකිරීම ජනතාවගේ අයිතියක් බවත් නමුත් එය කිසිඳු සැලකිල්ලකට නොගත් මේ ආණ්ඩුව මීට වසර තුනකට පෙර ලබාදෙන බව කියූ රු.2500 පඩි වැඩි කිරීමවත් මෙතක් ලබාදීමට අපොහොසත්වූ බව එතුමන් ප්‍රකාශ කලේය. එමෙන්ම රටත් ජනතාවත් යුද්දයෙන් බේරාගත් රණවිරුවන්ට කිසිදු පඩි වැඩිකිරීමක් ලබා නොදුන් ආණ්ඩුව කරුණා අම්මාන්ගේ පඩිය රුපියල් ලක්ෂයකින් වැඩිකිරීමට කටයුතු කල බවද වික්‍රමසිංහ මහතා සඳහන් කලේය. මෙවර අයවැයෙන් ජනතාවට හිමිවුණේ පොල් ගෙඩි 8 ක සහනයක් බවද පෙන්වාදුන් විපක්ෂ නායකවරයා ලබන වසරේදී ජනතාවගේ විදුලි බිලට සියයට 8 ක බද්දක් ගැසීමට ආණ්ඩු ව සැරසෙන බවද පෙන්වා දුන්නේය. එමෙන්ම අද වතුකරයේ ජනතාවට සිය ජීවිතය ගෙනයාමට නොහැකිව දැඩි ආර්ථික පීඩාවකට පත්ව ඇති බවද රටේ බහුතර ජනතාවට තුන්වේල ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද විපක්ෂනායකතුමන් පෙන්වා දුන්නේය. යුද්දය නිමවනතුරු ජනතාවට ඉවසන්න යැයි කියූ මහින්ද රාජපක්ෂ අද ජනතාව අපායකට ඇද දමා ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලේ.

මේ සියල්ලට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට වැඩකරන ජනතාවට කාලය එළඹ ඇති බවත් පළමුවෙන්ම ජඩනතාව වෙනුගවෙන් සටන් කල යුත්තේ ඩැවකරන ජනතාවම බවද එතුමත් පෙන්වාදුන්නේය. එහි පළමු පියවර ලෙස ලබන සිකුරාදා කොටුව දුම්රියපල ඉදිරිපිට අත්පත්‍රිකා ඛෙදාහැරීමේ වයෘපාරයක් අරඹන බවත් මෙයට අමතරව සෑම වැඩබිමකම කෑම පැයේ උද්ඝෝෂන ව්‍යාපාරත් දුම්රිය පොලේ හා බස් නැවතුම්හි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරත් අරඹන බව එතුමන් පැවසීය.

Tell a Friend