76,000 අනාතයි; ධාරාණිපාත වැසි තව දුරටත්

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇද හැලෙන වර්ෂාව නිසා මේ වන විට අනාථ වී ඇති සංඛ්‍යාව 76,000 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය. එසේම එහි වාර්තාවකට අනුව වැසි හේතුවෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 1800 ක් පමණ වන බව වාර්තා වී තිබේ.

එසේම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ගංවතුර තත්වයක් වාර්තා වූ අතර මුතුර් හී තිබූ නිවාස 45 ක් මුළුමනින්ම ජලයෙන් යට වූ බව සඳහන් වේ.

කිලිනොච්චි, මුලතිව්, හම්බන්තිට, මහා නුවර සහ නුවර එලිය යන ප්‍රදේශ වලට මහා වැසි ඇද හැලෙමින් තිබේ.

Tell a Friend