කොලොම්බියාවේ නාය යෑමකින් 145 දෙනෙකු මරුට

ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් සිදු වූ නාය යෑම නිසා අඩුතරමින් 145 දෙනෙකුවත් මිය යන්නට ඇතැයිද මියගිය අයගෙන් 12 දෙනෙකුගේ සිරිරු ගොඩ ගත් බවද සහන සේවා කටයුතු වල නිරත වී සිටින පිරිස් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය. නාය යෑම හේතුවෙන් එක් ගමක නිවාස 50 ක් පමණ පොළවට යට වූ බව වාර්තා වේ.

මේ ආකාරයෙන් ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මිලියන 1.5 ක් පමණ වූ ජනතාවක් අවතැන් වී සිටින බව පැවසේ. එසේම මෙය කොලොම්බියානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස සැලකේ.

Tell a Friend