Home worldview නත්තල් දා පකිස්ථානය ලේ විලක්: මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 42ක් මරුට
නත්තල් දා පකිස්ථානය ලේ විලක්: මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 42ක් මරුට
By Sri Lanka Guardian • December 25, 2010 • pakistan worldview • Comments : 0
ලෝක ආහාර සංවිධනය විසින් සංවිධනය කර තිබු රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 42 ක් වන අතර 70 කට අධික පිරිසක් තුව ලැබූහ. ප්‍රහාරය අද උදෑසන එල්ල වූ අතර එය කාන්තාවක් විසින් සිදු කළ එකක් බව ලැබෙන වාර්තා වල සඳහන් වේ. මාධ්‍යට අදහස් දක්වූ පොලිස් නිලධාරීන්ට අනුව අදාළ කාන්තාව සම්ප්‍රදායක ඇඳුමින් සැරසී සිට ඇත. එසේම ඇය පළමුව පිරිස සිටි දෙසට අත්බෝම්බ දෙකක් එල්ල කොට තිබේ. ඉන්පසු තම ශරීරය පුපුරුවා ගෙන ඇත. මෙම ප්‍රහාරය අද නත්තල් දිනයේදී මෙන්ම පකිස්ථානයේ නිර්මාතෘ වරයාගේ උපන් දිනය වන අද දිනයේදී එල්ල වීම විශේෂ සිදු වීමකි. 2007 සිට මේ දක්වා රට පුරා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් පමණක් 4000 ක් පමණ මිය ගියහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment