SPECIAL: මිගමු පොලිසියෙන් තවත් විකාර නඩුවක්

 " මෙම නායකයින් දෙදෙනා තවත් විසිදෙනෙක් පමණ සිටි පොලිස් කූඩුවක් තුළට දමන ලදී. එම කූඩුව අතිශයින් අපවිත්‍ර වූවකි. කූඩුවේ වැසිකිලියද කූඩුවටම ඒකාබද්ධ කොට ඇත. එහි දොරක්වත් නොමැති අතර වෙන්වන්නේ එක කුඩා බිත්තියකිනි. එය අතිශයින්ම අපවිත්‍ර අශුද්ධ ස්ථානයක් වන අතර පොලිස් මුලස්තනය්ක් වැනි රජයේ දේපලක් තුළ තිබීමට සුදුසු එකක් නොවේ. එහි සිටින සමහරු කියා සිටියේ ඔවුන් මාස ගණනක් එම ස්ථානයේ රඳවා තම ඇති බවය. "

 
මිගමු පොලිසිය බොහෝ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. එම ක්‍රියාවලියට දැන් තවත් එකක් එකතු කොට ඇත. එනම් කිසියම්ම පදනමකින් තොරව රජයට විරුද්ධව කැරලි ගැසීම පිළිබඳව නඩුවක් පැවරීමකි. කැරලි ගැසීම යන නීතිමය සංකල්පය ගැන අබ මල් රේණුවකවත් තේරුමක් නැති නිර්මාතෘ වරයෙකු අතින් මෙම අපරාධ චෝදනාව නිර්මාණය වී ඇත. එය පිටුපස බොහෝ දෙනෙකු සිටිය හැකි වූවත් චෝදනාවේ වගකීම පැවරී ඇත්තේ මුලස්ථාන භාර පොලිස් ස්ථානාධ්පති සෝමසිරි ලියනගේ යන නිලධාරියාටය.

පසුගිය සෙනසුරාදා මිගමු ප්‍රදේශයේ 60 දෙනෙකු පමණ එම ප්‍රදේශයේ ඇති කලපුව සම්බන්ධයෙන් පැනනැගී ඇති ආරවුලක් ගැන පත්‍රිකාවක් මහජනතාව අතරට බෙදා දෙන ලදී. පත්‍රිකා බෙදා දීම වනාහී මිගමු ප්‍රදේශයේත් ලංකාවේ අන් සෑම දිශාවකමත් කරණු ලබන්නා වූ ඉතාමත් සාමාන්‍ය ක්‍රියාවකි. ලංකාවේ සෑම ප්‍රදේශ වල මෙන්ම මිගමු ප්‍රදේශයේද පුවත් පත් බෙදා හැරීමද දිනපතා සිදු වේ. මිගමු වාසීහු ගුවන් විදුලියට ඇසීමටද , රුපවහිනිය නැරඹීමටද රටේ අන් අය මෙන් පුරුදුව සිටිති. මේ ආකාරයෙන් විවිධ මාර්ග වලින් අදහස් හුවමාරු කිරීමේ ස්වභාවික ගති ගුණ මෙම ප්‍රදේශයේ සස්කෘතියත් සමඟ ගැඹුරින්ම බද්ධ වී පවතී.

මෙම පත්‍රිකා බෙදා හැරීම පිළිබඳව වූ සිද්ධියට සම්න්ධ දෙදෙනෙකුට පසු දින පොලිසිය එන ලෙස දැනුම් දී තිබුණි. එසේ කර තිබුණේ ඉහත සඳහන් ස්ථානාධිපති වරයාගේ නියෝගයකිනි. එසේ පැමිණීම සඳහා කිසියම වූ හේතුවක් ස්ථානාධිපතිවරයා විසින් වාචිකව හෝ ලිඛිතව දැනුම් දී තිබුණේ නැත.

එදින 12.30 ට පමණ සමස්ත ලංකා ධීවර වුර්තිය සමිතියේ නියෝජිතයන් වූ මාර්කස් ප්‍රනාන්දු සහ අරුණ රොෂාන් ප්‍රනාන්දු යන අය පොලිස් ස්ථානාධිපති වරයා හමු වූහ. එහිදී එම ස්ථානාධිපතිවරයා විසින් මෙම නියෝජිතයන් දෙදෙනාට දැනුම් දෙන ලද්දේ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති වරයාත් වෙනත් පොලිස් නිලධාරිහුත් මෙම පත්‍රිකාව බෙදා හැරීම සම්බන්ධයෙන් මහත් සේ කැළඹීමට පත් වී ඇති බවය. එසේ කැළඹීමට පත් වූයේ කුමන හේතුවක් නිසා දැයි දැනුම් දීමක් ස්ථානාධිපතිවරයා විසින් නොකරණ ලදී. සමහරවිට එම කැළඹීම මුල කිසියම් දේශපාලන බලපෑම් නිසා සිදු වූවා විය හැකිය. නීතිමය වශයෙන්නම් එවැනි කැළඹීමකට කිසිම හේතුවක් පැවතියේ නැත.

ඉන් පසු මෙම වුර්තිය සමිති නායකයින් දෙදෙනා තවත් විසිදෙනෙක් පමණ සිටි පොලිස් කූඩුවක් තුළට දමන ලදී. එම කූඩුව අතිශයින් අපවිත්‍ර වූවකි. කූඩුවේ වැසිකිලියද කූඩූවටම ඒකාබද්ධ කොට ඇත. එහි දොරක්වත් නොමැති අතර වෙන්වන්නේ එක කුඩා බිත්තියකිනි. එය අතිශයින්ම අපවිත්‍ර අශුද්ධ ස්ථානයක් වන අතර පොලිස් මුලස්තනය්ක් වැනි රජයේ දේපලක් තුළ තිබීමට සුදුසු එකක් නොවේ. එහි සිටින සමහරු කියා සිටියේ ඔවුන් මාස ගණනක් එම ස්ථානයේ රඳවා තම ඇති බවය.

ඉන් පසු කට උත්තරයක් ලියා ගැනීමට ඔවුන් එළියට ගෙන එය ලියා ගැනීමෙන් පසු නැවත වරක් එම කූඩුව තුළටම දමන ලදී. ඊට පැය භාගයකට පමණ පසු පොලිස් ජීප් රථයක දමාගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී පනවා තුබූ නඩුවේ පැමිණිලි කාරයත්, පරික්ෂකයාත්, නඩුව පවරන්නාත් යන සියලුම කර්තවයන් කර තිබුණේ ඉහත සඳහන් ලියනගේ ස්ථානාධිපතිවරයා විසිනි.

ඔවුන්ට විරුද්ධව චෝදනා නාග තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 150 වෙනි වගන්තිය යටතේය. රජයට විරුද්ධව කැරලි ගැසීම සඳහා මහා ජනයා ප්‍රකෝප කරණ බවට ඔවුන්ට විරුද්ධව චෝදනා නගා තිබුණි. නීඥයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුනට ශාරීරික අප නියම කරන ලදී.

සිද්ධියට මුල් වී ඇත්තේ, පළාතේ ධීවර කර්මාන්තයට සම්බන්ධ යැපෙන්නන් 50,000 ට වැඩි ප්‍රමාණයකට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙනි. එනම් එම කලාපයේ ආර්ථික පදනම ලෙස පවතින මීගමු කලපුවට විශාල වශයෙන් විනාශ කාරී තත්වයක් උදා කළ හැකි ව්‍යාපෘතියක් රජය විසින් ඇරඹීම සම්බධයෙනි. මීට විරුද්ධව ප්‍රදේශයේ පූජක වරුන් ඇතුළුව දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විටත් දැඩි විරෝධතාවයන් ඉදිරිපත් කොට ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම විස්තරයක් රජය විසින් මහජනතාවට ඉදිරිපත් කොට නැත. මුළු ව්‍යාපෘතියම කෙරී ගෙන යන්නේ විශාල රහසිගත බාවයකින් යුතුවය.

කෙසේ වුවත් මෙම වුර්තිය සමිති සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මුළුමනින්ම නීති විරෝධිය. ඔවුන් කූඩුවක දමා රඳවාගෙන තිබීම එවැනිම තවත් නීති විරෝධී ක්‍රියාවකි. දමා ඇති චෝදනාව මුළුමනින්ම සාවධ්‍ය විකාර රූපී මෙන්ම නීති විරෝධිය.

පොලිස් පතිවරයා විසින් මීගමුවේ ප්‍රාදේශීය මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ගෙන ඇති මෙම පියවර වහ පරීක්ෂණයකට භාජනය කළ යුතුය. එම පොලිස් ස්ථානාධිපති වරයාට විරුද්ධව නිතියානු කූල පියවර ගත යුතුය. ඒමෙන්ම අපබ්‍රංශ චෝදනා පත්‍රය වහාම අවලංගු කළ යුතුය. සැක කරුවන් නිදහස් කොට ඔවුන්ගේ මානව හිමිකම් අවලංගු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් වහාම පියවර ගත යුතුය

Tell a Friend