විකිලීක්ස් යළිත් ඇමෙරිකාව පට්ට ගහයි


ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති ගැන ලිපි ගොනු ලක්‍ෂ දෙක හමාරක් එලියට



තමන්ගේ සගයින් ගැනත් සතුරන් ගැනත් තොරතුරු එකතු කරන්නයි ඇමෙරිකානු තානාපති වරුන්ට නියෝග



ඉරානයට බෝම්බ හෙළන්නැයි සෞදි රජුගෙන් ඇමෙරිකානු ආණ්ඩුවට නියෝගයක්



විකිලිකස් වෙබ් අඩවිය විසින් ඊයේ නිලුත් කළ නවතම ලිපි ගොනු වලට අනුව ඇමෙරිකාවේ විදේශ සම්බන්ධතා පිළිබඳව කරුණු ගණනාවක් හෙළිදරව් කොට ඇත. ඉන් කලබල වූ අමෙරිකානු බලධාරින් එනම් ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරියද ඇතුළුව විකිලිකස් කටයුත්ත හෙළා දැක ඇත. කෙසේ වෙතත් තමන් ප්‍රසිද්ධ කළ තොරතුරු සියල්ලම නිවැරදි බව ජුලියන් අසන්ගේ ප්‍රකාශ කළේය.

අදාල ලිපි ගොනු පසුගිය පෙබරවාරී මාසය දක්වා කළ තුළ ඇමෙරිකාව තම විදේශ ප්‍රතිපත්තිය තුළ කටයුතු කළ ආකාරය පෙන්වා දී තිබේ. එහිදී ඔහුවූ එඅක්සත් ජාතීන්ගේ මහලේකම ඇතුළු තානාපති නිලදාරීන්ගේ ඔත්තු බැලූ ආකාරය සේම අරාබියේ රජවරුන් ඇතුළු නායකයින් ඇමෙරිකානු වුවමනා එපාකම් මත ක්‍රියා කළ ආකාරය සඳහන් වී තිබේ. මේ නිසා ඇමෙරිකානු තානාපති සේවා විශාල අර්බුධයකට පත් වී ඇති බව ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකාව රාජ්‍ය රහස් ලෙස තබා ගෙන සිටි කිසිවක් මේ වන විට රහස් නොවී ඇත. මෙසේ හෙළිදරව් කර ඇති තොරතුරු අතර චීනය සහ උතුරු කොරියාව අතර ඇති සම්බන්ධතා, පකිස්ථානය අස්ථාවරව පවත්වා ගැනීමේ වැදගත්කම, සේම යේමනයේ අල්කයිද මෙහියුම් වලට අමෙරුකාවේ රහසිගත මැදිහත් වීම ආදී අතිශය සංවේදී තොරතුරු රැසක් අඩංගු කොට තිබේ.

එසේම දූෂිත ඇෆ්ඝන් ආණ්ඩුව පිළිබඳව හෙළි කොට ඇති එහි වරකදී ඇෆ්ගන් උප ජනාධිපති මොසූඩ් එකසත් අරාබි එමීර්හි ගුවන් තොටුපලේදී පරික්ෂාවට බහජනය කළ අවස්ථවේදී ඔහුගේ අතෙහි ඩොලර් මිලියන 52 ක් නෝට්ටු වලින් තිබු ආකාරය පේනවා දී තිබේ.

විකිලිකස් හෙළිදරව් කිරීම් පිළිබඳව විශේෂ ආවරණයක් එළබෙන සතිඅන්තයේ සිට නිකුත් කිරමට බලාපොරොත්තු වන අපගේ විශේෂ ප්‍රකාශනයේ බලාපොරොත්තු වන්න.

Tell a Friend