SPECIAL: ජනරාල් ෆොන්සේකා ස්වභාවික මරණයකට ලක් කිරීමට රාජපක්ෂ සුදානම් වන්නේද ?

මේ වනවිට බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු යුධ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා නොදී ස්වභාවිකව මරණයකට ලක් කිරීමේ තිරිසන් උත්සහක් රාජපක්ෂ පවුලට වුමනා වී ඇත්දැයි සැකයක් මේ වන විට ඉස්මතු වෙමින් තිබේ. එයට හේතු කිහිපයක් ඉදිරිපත් වේ. එනම් අධිකරණයේ නියෝගයන් පවා නොලසකා හැර රාජපක්ෂ පවුලේ උදවිය ජනරාල් වරයට ව්‍යායාම කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා නොදීම. එසේම ඔහු රඳවා සිටින සිර කුටියේ වහලය හොඳටම අබලන් වී තිබීම ආදිය එහිදී වාර්තා වේ. මේ සියල්ලම රාජපක්ෂගේ වුවමනා එපාකම් මත සිදු කරණ අතර එක්තරා අවස්ථාවකදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන ගෝඨාබය රාජපක්ෂ විශ්‍රාම ලත් ලුතිනන් කර්නල් වරයා කියා ඇත්තේ, ඕකව හිඟන්නෙක් කොට පාරට අදාල දැම්ම දාටයි මට නින්ද යන්නේ යැයි වැනි ප්‍රකාශ වල සහ ජනරාල් වෙනුවෙන් බනධනාගාරයේදී නිර්මාණය කර ඇති තත්වය සමඟ ගැලපීම් ඇති බව අනුමාන කළ හැකිය. එසේම ජනරාල් ෆොන්සේකා කරන්නේ මොනවද යන්න සොයා බැලීම සඳහා රාජපක්ෂ පවුලට හිතවත් පෞද්ගලික ආරක්ෂකයින් හමුදා වේසයෙන් බන්ධනාගාරයේ සිටින බවටද ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුහුට ජනරාල් වරයා වැසිකිලියට යන වේලාවන් සහ එහි රැඳී සිටින වේලාවන් පවා වාර්තා කිරීමට අණ ලැබී ඇති වාර්තා වේ.

මේ අතර රුපියල් කෝටි 500 ක් වියදම් කොට ජනාධිපති රාජපක්ෂ අග විනිසුරු අශෝකද සිල්වා ඉදිරියේ මීට සුළු වෙලාවකට පෙර තම දෙවන වාරය සඳහා දිවුරුම් දුන්නේය. Tell a Friend