" මෙහිදී මම ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා වශයෙන් බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත් වී ඇත්තෙමි. ඒ සඳහා වාර්ගික හෝ ආගමික බේදයකින් තොරව ජනතාව මා කෙරෙහි විස්වාශය තබා ඇත. එසේම බ්‍රිතාන්‍ය කිරීටය විසින් හඳුන්වා දුන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා බහුතරයක් මාගේ ජනතාව විසින් මට ලබා දී ඇත්තේ ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී කණඩායම පරාජය කිරීමට නායකත්වය දුන් හෙයිනි. " යයි අදාල ලිපියේ සඳහන් කොට තිබේ.
එසේම අදාල ලිපියෙන් තමන් දෙවන වර දුවුරුම් දීමට බලාපොරොත්තු වන බවද හෙතම එහි අවසානයේ සඳහන් කොට තිබේ.
අදාල ලිපිය තමන් බ්‍රිතාන්යේදී අත්අඩංගුවට පත් වේ යයි පැවති බිය දුරු කර ගැනීම සඳහා කළ බව ඔප්පු වන්නේ එහි පැහැදිලිව සඳහන් කොට ඇති පරිදි, " මම බෙදීමට ගිය රට එකතු කළා පමණක් නොව සුළු ජනවාර්ගික ජනතාවට හිමි සම අයිතීන් පිළිගැනීමටත් ඔවුන්ට බලය බෙදීම මත පදනම් වූ විසඳුමකට නුදුරේම යාමටත් බලාපොරොත්තු වෙමි," යයි සඳහන් කොට ඇති කාරණයෙනි.

Post a Comment