සන්ධානේ අයටම රාජපක්ෂ එපා වී ඡන්දය වර්ජනය කරති
අයවැය දෙවැනි වර කියෑවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 104 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය විසර්ජන පනතට පක්‍ෂව ඡන්ද 150 ක්‌ද විරුද්ධව ඡන්ද 46 ක්‌ද ලැබිණි. එක්‌සත් ජාතික පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන ලදී. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසද්දී සභා ගැබෙහි නොසිටියහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 22 වැනිදා 2011 වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 23 වැනි දා සිට ඊයේ (29 වැනිදා) දක්‌වා අයවැය විසර්ජන පනත දෙවැනි වර කියෑවීමේ විවාදය පැවැත්විණි. 2011 අය වැය ලේඛනය පිළිබඳ අවසන් ඡන්ද විමසීම 10 වැනිදා සවස 6.00 ට පැවැත්වේ.
මේ අතර බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද හතරකින් ඊයේ (29 වැනිදා) රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්ව ඇත. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ බලය යටතේ ඇති එම ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්‍ෂව ඡන්ද හතරක්‌ද විපක්‍ෂව ඡන්ද අටක් ද හිමිව තිබේ.
සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකුගේද, එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකුගේද ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ ද ඡන්ද විපක්‍ෂව හිමිව ඇති අතර ප්‍රාදේශීය සභා උප සභාපති සහ තවත් සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දයට සහභාගි වී නොමැත.
1982 දී පැවති මැතිවරණයේදී බෙලිඅත්තේදී තිදෙනෙකු මහා දවාලේ මහමඟදී වෙඩි තබා මැරීමට ඇසින් දුටු සාක්ෂි මත රාජපක්ෂ වරකදී සිර ගත කරනු ලැබීය.

Post a Comment