පතලේ සිර වූ අය බේරා ගැනීම දුෂ්කර වේ!

ඊයේ නවසීලන්තයේ පතලක සිදු වූ පිපිරීමක් හේතුවෙන් එහි පිටතට එන මාර්ගය අවහිර වූ අතර එහි පතුලේ සිර වී සිටින අය බේරා ගැනීම අතිශය දුෂ්කර එකක් වී ඇති බව සහන සේවකයෝ ප්‍රකාශ කරති. ඒ සඳහා හේතු වී ඇත්තේ පතලට යන මාර්ගය අධික දුමකින් ආවරණය වීම් බව සඳහන් වේ. අදාල පිපිරිම හේතුවෙන් 29 දෙනෙකු සිර වී සිටින අතර ඉන් වැඩි පිරිසක් නවසිලන්ත ජාතිකයෝ වෙති. එසේම ඔස්ට්‍රිලියානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු බැගින්ද එක දකුණු අප්‍රිකානුවෙක්ද පතලේ සිර වී සිටිති. පසුගිය සිකුරාදා සිදු වූ පිපිරීමෙන් සුළු තුවාල ලබා ඉන් පිටතට පැමිණීමට හැකි වූයේ දෙදෙනෙකුට පමණි. Tell a Friend