ඒකාබද්ධ දිස්ත‍්‍රික් වෘත්තීය සමිති නියෝජිත සමුළුව තංගල්ලේදී


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුව තංගල්ල සමූපකාර ශාලාවේදී ඊයේ පැවැත්විණි. මෙම සමුළුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහි අරමුණ පැහැදිලි කරමින් ලාල් කාන්ත සහෝදරයා මෙසේ පැවසීය.

ජීවන වියදම වැඩිවීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාගැනීම, රාජ්‍ය සේවයේ ඇති වී ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම සහ දිනාගැනීම පදනම් කරගනිමින් වැඩකරන ජනතා අරගලයක් ආරම්භ කර ඇති බවත් එම ඉල්ලීම් දිනාගැනීමේ අරමුණින් දිස්ත‍්‍රික් මට්ටමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සමුළු කැඳවන බවද පැවසීය. අරගලය ජයග‍්‍රහණය කල හැකි බවට වූ විශ්වාසයක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට ඇතැයි පැවසූ ලාල්කාන්ත සහෝදරයා ඒ සඳහා විවිධ බෙදීම් නිසා බිඳවැටී ඇති වැඩකරන ජනතා සමගිව ගොඩනැගිය යුතු බවද ඒ වගේම වැඩකරන ජනතා අරගලයට සමස්ත ජනතාවගේ සහාය ලපාගත යුතු බවද පැවසීය. ඒ සඳහා මතවාදී අරගලයක් කිරීම මෙම සමුළු තුළින් සිදුකරනක බවද පැහැදිලි කරනු ලැබීය.

මෙම සමුළුව සඳහා සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සමන්ත කොර්ලේආරද්චි, සමාජවාදී වතු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ, ලංකා ගුරු සේවා සංගමයේ කලාප ලේකම්, අන්තර් සමාගම් සේවක සංගමයේ සෝලට් ශාඛාවේ ලේකම් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ රැසක් සහභාගී වී සිටියහ. Tell a Friend