නීතිය නොමැතිකල රජයන මිලේචිඡත්වය

හර්ෂි සි. පෙරේරා

මාධ්‍යය වාර්තා අනුව බිස්කට් පහක් කෑවේ යැයි 14 හැවිරිදි දැරියකගේ අල්ලේ කපුරු පිළිස්සූ බව කියන ඇඟළුම් කම්හල් හිමියෙක් හා තවත් අයෙක් මොරගහහේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ව්‍යාපාරිකයා හා බිරිය උපන් දින සාදයකට ගොස් සිටියදී ඇය බිස්කට් කා ඇත.

මෙිවා ගැන එක් අතකින් පුදුම වියයුතුද නැත. මක්නිසාද මේ රටේ රජයේ සේවකයින් ගස් බදින ඇමතිවරු ඉන්න නිසාය. එවැනි ඇමතිවරු සහිත ආණ්ඩුවක් රට පාලනය කරන නසාය.

එහෙත් මේ තත්වය ගැන අප කණගාටු වියයුතුව ඇත. මේ ප්‍රශ්න දෙස අප බැලිය යුත්තේ අපේම ප්‍රශ්න දෙස බලන ආකාරයටය. දැන් අපේකම ප්‍රදර්ශනයවිමටත් ක්‍රීයාත්මකවිමටත් සුදුසුම කාලයයි. තවදුරටත් පමාවිම අපටද අප අහිමිවිමකි.

සියලු දෙනාම තමන්ගේ අයිතිවාසිකමි වෙනුවෙනුත් තම දරුවන්ගේ අයිතිවාසිකමි වෙනුවෙනුත් නීතිය අතට ගන්නා සියල්ලනට එරෙහිවත් හඩක් නැගිය යුතු අවස්ථාව දැන් එළඹ ඇත. කෑලෑ නීතියට වැඩිමට කිසිදු අවකාශයක් ලබා නොදිය යුතුය. මේ දේවල් සමිබන්ධයෙන් මුනිවත රකින විශේෂයින්ම උගතුන් රටට සෞභාග්‍යයක් නොව අභාග්‍යයකි.


Tell a Friend