වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානකම් හා අසමානකම්

රාජ්‍යයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්ල අහිමිවූ නිශ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්ල යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට කටයුතු කරයි. - රිචඩ් ගේබ්‍රියල්


වෛද්‍ය රුවන් එම්. ජයතුංග


වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානතා හා අසමානතා බොහෝ වෙයි. නමුත් මේ දෙකම 20වන සියවසේ යුද්ධයක ඇති බිහිසුණුකම විදහා දක්වයි. වියට්නාම් යුද්ධය, ඇමරිකාව සම්බන්ධවූ දීර්ඝතම යුද්ධය වූ අතර එය 1963 සිට 1975 තෙක් වසර 12ක කාලයක් පැවතිණි. ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයන් මිලියන 2- 5ක් මෙම යුද්ධය සඳහා දායකවී ඇති අතර 58,000 පමණ ඇමරිකානුවන් පිරිසකට ජීවිත අහිමිවී ඇත. තවත් 300,000ක් තුවාල ලබා ඇත. වියට්නාම් යුද්ධය අවසන්වූයේ ඇමරිකාව වියට්නාමය තුළදී පරාජය ලැබීමත් සමගයග නමුත් ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලාංකික හමුදාවට ජයග්‍රහණය හිමිවියග වියට්නාමය තුළදී ඇමරිකන් හමුදාවල සම්පූර්ණ පරාජය විවාදාත්මකය. ඇතමුන් පවසන පරිදි ,යුද්ධයේ අවසාන පරාජයේ වගකීම පැවරෙනුයේ සටන් කළ මිනිසුන් වෙත නොවල කොංග්‍රසයේ පුද්ගලයන් වෙතයි.

"වියට්නාම් යුද්ධයල පසුවිපරම 2009"

ඊළාම් යුද්ධය ආසියාවේ දීර්ඝතම ආයුධ සන්නද්ධ ගැටුමයි. මෙය ආසන්න වශයෙන් වසර 30ක පමණ කාලයක් පැවතිණි. වියට්නාම් යුද්ධය මෙන් නොව ඊළාම් යුද්ධයට වසර සියගණනකට පෙර පැවති ජනවාර්ගික ගැටුම්වල ඓතිහාසික මූලයන් හේතුවෙයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව මෙය ක්‍රි. පූ. 205, එනම් දුටුගැමුණු රජ සමයේ සිදුවූ දකුණු ඉන්දියානු ආක්‍රමණ දක්වා විහිදෙයි. ජනවාර්ගික ආතතියක් බිහිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේදීය :1815-1948 මෙයට හේතුවූයේ ,බෙදා පාලනය, කිරීමේ ප්‍රතිපත්තියයි. අතුරුඵලයන් ඉස්මතුවීම ආරම්භවූයේ 1948 නිදහසෙන් පසුවය. රජය හා දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර ආතතිය 1970ගණන්වල සිට මතුවෙමින් පැවති අතර මෙය ප්‍රධාන ආයුධ සන්නද්ධ අරගලයක් බවට වර්ධනය විය.

ශ්‍රී ලාංකික ආයුධ සන්නද්ධ ගැටුම සඳහා බොහෝ අර්ථකථන හා පහදාදීම් ඇතග ඇතමෙක් මෙය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස දකින අතර තවත් සමහරු මෙය විවරණය කරනුයේ ඉතා සංකීර්ණ ගැටලුවක් ලෙසය. යේල් විශ්වව්ද්‍යාලයේ ජොනතන් ස්පෙන්ස්ගේ අදහසට අනුව ශ්‍රී ලාංකික ගැටුම මෙසේ වෙයි.

පසුගිය දශකයේදී ශ්‍රී ලංකාව දේශපාලනමය ඛේදාන්තයක ගිලී ගියේය. පිළිවෙලින් පැමිණි රජයන් බහුතර සිංහල ජන කොටසට පිළිගත හැකි ආකාරයෙන් දෙමළ සුලුතරයේ දුක්ගැනවිලි විසඳීමට අපොහොසත් වීම මෙයට හේතුවයි. "ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා අරගල මූලයන්, ජොනතන් ස්පෙන්ස්."

කොළඹ විශ්වව්ද්‍යාලයේ දේශපාලන අංශයේ සහකාර මහාචාර්ය කුමාරි ජයවර්ධන අවධාරණය කරනුයේල ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අරගලයේ ඉතිහාසය මෙහි බහුතර ප්‍රජාව වන සිංහල ජන කණ්ඩායමල මෙහි ඇති බහුවාර්ගික බව ප්‍රතික්ෂේප කරමින්, සිංහල-බෞද්ධ ලෙස නැගී සිටීමේ ඉතිහාසයම බවයි. ලංකාවේ සුළුතර ජනකොටස් අතර මෙම විඥානය වර්ධනයවීමල ගැටලු පිලිබඳ අභ්‍යන්තර යෝජනාවලීන් අසාර්ථකවන තරමටම ප්‍රබල විය. " ශ්‍රීංකාවේ ජනවාර්ගික ගැටළුව හා කලාපීය ආරක්ෂාව-කුමාරි ජයවර්ධන "

ඊළාම් ගැටුම ආරම්භවූයේ, 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් පිලිබඳ යෝජනා කිරීමත් සමඟය. කෙසේ වෙතත්, 1976ට පෙර දෙමළ සටන්කාමීත්වය ඉස්මතුවූයේ උතුරේ තරුණ කොටස් ගොඩනගනලද රහස් සංවිධානයක් ලෙසය. මෙම කුමන්ත්‍රනණ වල ප්‍රතිඵලයක් ලෙස යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා මහතා 1975දී ඝාතනය විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය 1976 පිහිටුවාගන්නා ලද අතර ඊළාම් යුද්ධයේ ප්‍රධාන භූමිකාව රඟදැක්වූයේ ඔවුන්ය.

ඊළාම් යුද්ධය නිළ වශයෙන් ආරම්භවූයේ 1983දී දිවයින පුරා පැවති වර්ගභේදවාදී ගැටුම් සමඟය. මෙය එල්. ටී. ටී. ඊ.යට පිරිස් බලය හා ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුණි. මුල් අවදියේදී, ඉන්දියාව විසින් මෙම ආයුධ සන්නද්ධ දෙමළ පිරිස් පුහුණුකිරීම හා ඔවුන්ට ආර්ථික ආධාර ලබාදීම සිදුකෙරිණි. මෙම කණ්ඩායම් අතර එල්. ටී. ටී. ඊ.ය බලවත් හා කාර්යශූර යුද යාන්ත්‍රනය බවට පත්විය. එල්. ටී. ටී. ඊ.ය ශ්‍රී ලංකික හමුදාවලට එරෙහිව සටන් කිරීමට ඉතා සාහසික යුද උපක්‍රම යොදාගත්හ. මෙම සටන් බහුතරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිදුවිය. තවද, එල්. ටී. ටී. ඊ. සන්නද්ධ පිරිස් ඉතා ප්‍රබල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් කොළඹට එල්ලකරමින් ශ්‍රී ලාංකීය සමාජයේ හදවත පීඩාවට පත්කළහ.

යුදමය ගැටුම වර්ධනය වීමත් සමඟ එල්. ටී. ටී. ඊ.ය ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගත්තේය. 2002 වසරේ සටන් විරාම කාලසීමාව වනවිටල එල්ග ටීග ටීග ඊගය වර්ග කිලෝමීටර් 15ල000ක පමණ භූමිභාගයක් පාලනය කල අතර එම ප්‍රදේශයේ ඔවුන්ටම ආවේණිකවූ බදු ක්‍රම පාරවල් හා උසාවි පවත්වාගෙන යන ලදී.

ඊළාම් යුද්ධය නඩත්තුකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැයවිය. ලෝක දෙමළ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ ශ්‍රී ලංකාවෙන් පිටතය. මෙම බටහිර රටවල ජීවත්වන දෙමළ ඩයස්පෝරාව ඊළාම් යුද්ධය සඳහා ආර්ථික ආධාර සපයයි. මීට අමතරව එල්. ටී. ටී. ඊ.ය අසාධාරණ ලෙස සහ තැතිගැන්වීම් මගින් ලබාගන්නා මුදල් ආයුධ මිලදී ගැනීම සඳහා යොදවයි. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා වෙනත් බොහෝ රටවල්වල ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්. ටී. ටී. ඊ.ය තහනම් කර ඇත. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 1997 වසරේදී එල්. ටී. ටී. ඊ.ය ඔවුන්ගේ ත්‍රස්ත ලයිස්තුවට ඇතුළත් කර ඇත. 2008 ජනවාරි මාසයේදී කොංග්‍රසයේ පර්යේෂණ සේවය ප්‍රකාශ කළේ මෑතදී විදේශ රටවල් සිදුකල ආර්ථික සහන කපාහරීම් නොසලකමින් එල්. ටී. ටී. ඊ.ය වාර්ෂිකව ඇ. ඩො. 200-300 අතර ඇස්තමේන්තුගත මුදලක් එකතුකරන බවයි.
Tell a Friend