ඉරාණය බොලිවියාවේ ලිතියම් නිධි වල පාලනය අතට ගනී?

බොලිවියානු ජනධිපති ඉවෝ මොරාලෙස් පසුගියදා ඉරානයේ සිදු කරණු ලැබූ සංචාරයේදී දෙරට අතර වෙළඳ ගිවිසුම් රැසකට අත්සන් තැබුහ. එහිදී බොලිවියාවේ පිහිටි ලිතියම් ලෝහය ලබා ගත හැකි ස්වභාවික නිධි කැනීම් සම්බනධයෙන්ද දෙපාර්ශවය අතර ගිවිසුමක් අත්සන් කරණු ලැබුහ. අදාල ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඉරානයේ කර්මාන්ත සහ ස්වභාවික නිධි පිලිබඳ ඇමති අලි අක්බාර් ප්‍රකශ කළේ අදාල ගිවිසුම ප්‍රකාරව බොලිවියාවට ලිතියම් බැටරි නිෂ්පාදනය කිරීම සඳහා තමන් උදවු කරන බවයි.

ලෝක අවශ්‍යතාවයෙන් 70% ලිතියම් නිෂ්පාදකයා වන්නේ බොලිවියවයි. එසේම මීළඟ වසර 500 සඳහා ලෝක වෙළඳ පොලට අවශ්‍ය ලිතියම් සැපයීමට එරටට හැකියාව තිබේ. අදාල ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එක වරකදී ටොන් 30,000 ක ලිතියම් ප්‍රමාණයක් නිපද වීමට බොලිවියාව සැලසුම් කොට තිබේ.

Tell a Friend