අප්‍රිකාව : ගිනියාවේ වසර 52 කට පසු මැතිවරණයක්

අපි ජාතන්තර මුලධරමවලට ගරු කරමින් චන්දය විමසුවා - මැතිවරණ කොමසාරිස්

චන්දය දෙන්න ප්‍රචණ්ඩත්වය අඩු කරන්න - අගමැති

චන්ද ඉතා සාමකාමියි - නිරීක්ෂකයින්

වසර 52 කට පසු ගිනියාවේ පවත්වන සාමකාමී සහ බහුපක්ෂ ජන්ධිපතිවරන්යේ දෙවන වටයේ පළමු අදියරේ චන්ද විමසීම ඊයේ සිදු විය. 1958 දී ප්‍රංශයෙන් නිදහස් වීමෙන් පසු පවත්වනු ලබන පළමු මැතිවරණය වන ඒ සඳහා ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙකු සහභාගී වෙති. මැතිවරණයේ පළමු වටය පසුගිය ජුනි මාසයේදී පැවැත් වූ අතර එහිදී හිටපු අගමැති සෙල්ලු ඩයල්ලෝ හට මුළු ප්‍රකාශිත චන්ද සංඛ්‍යාවෙන් සියට 43 ක් ලැබුණු අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ කොන්ඩේ හට හිමි වූයේ 18% කි. එබැවින් මැතිවරණයේ අවසාන වටයේදී ද හිටපු අගමති වරයා ජයග්‍රහණය කරනු ඇතැයි සැලකේ.

මේ අතර මාධ්‍යට අදහස් දැක් වූ එරට මැතිවරණ කොමසාරිස් සිආකා සන්ගරේ ප්‍රකශ කළේ මැතිවරණයේදී ජාත්‍යන්තර මුල ධර්ම වලට ගරු කරමින් මැතිවරණය පැවැත් වූ බවයි. මේ අතර ප්‍රක්ෂයක් නිකුත් කරමින් හිටපු අගමැති කියා සිටියේ චන්දය දෙන්න ප්‍රචණ්ඩත්වය අඩු කරන්න ලෙසයි. එසේම අදාල මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 1000 පමණ සහභාගී වූ අතර ඔවුහු ප්‍රකාශ කළේ මැතිවරණ සාම කාමී එකක් බවයි. Tell a Friend