ජර්මන් ගුවන් යානයක බෝම්බයක්

නැමීබියාවේ සිට ජර්මනිය බලා ගුවන් ගත් වීමට තිබු ගුවන් යානයක තිබී සැක කටයුතු පාර්සලයක් සොයාගත් බව එරට ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළේය. මෙසේ අදාල පාර්සලය හමු වී ඇත්තේ ප්‍රහාරක් එල්ල වේ යයි ලැබූ ආරංචියක් මත ජර්මනියේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගැනීමෙන් දිනකට පසුය. අදාල පරසලය වැඩි දුර පරික්ෂා කිරීමේදී එය සජීවී බෝම්බයක් ලෙස තහවුරු වී තිබේ. කෙසේ වෙතත් පැය 06 ක ප්‍රමාදයකින් පසු මඟීන් 296 සහ ගුවන් යානයේ සේවකයින් 10 දෙනෙකු රැගත් යානය බර්ලින් බලා ගමන් ඇරඹු බව වාර්තා වේ. Tell a Friend