විකීලීක්ස් ලොක්කා ඇල්ලීමට අධිකරණයේ අනුමැතිය

ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ සහ ලිංගික අපයෝජන චෝදනා සැලකිල්ලට ගනිමින් ප්‍රකට විකි ලීක් වෙබ් අඩවියේ නිර්මාතෘ මෙන්ම කතු වරයා වන ජුලියන් අසංග අත්අඩංගුවට ගැනීමට කර තිබු ඉල්ලීමට ස්වීඩනයේ අධිකරණයක් විසින් අද ( 18) අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව 39 හැවිරිදි කතුවරයාට විරුද්ධව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීමට අදාල අධිකරණය අවසර ලබා දුන්නේය. ඔහුට එරෙහිව ලිංගික චෝදනා එල්ල වීමට පටන් ගත්තේ හෙතම ඉරාකයේ ඇමෙරිකානු හමුදාව යුධ අපරාධ කළ ආකාරය ගැන තොරතුරු හෙළි කිරීමත් සමඟය. අදාල තොරතුරු ඔහුට ලබා දුන්නේ යයි කියන ඇමෙරිකානු සොල්දාදුවා තවත් සිර භාරයේ තබා ඇත. ජුලියන් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. Tell a Friend