ජනරාල් රෝහල් ගත කෙරේ!

රජා සහ පිරිවර මාලිගාවේ සුර සැප විඳිද්දී රජාගේ දේශපාලනයට පදනම දැමු කල්‍යාණ මිත්‍ර සගයා වැස්සට තෙමි තෙමි අව්වට වේලි වේලි ගත කරන ජීවිතේ කටුක ඇත්ත

හිටපු හමුදාපති සහ ලංකාවේ එකම තරු හතරේ ජනරාල් වන සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේදී බන්ධනාගාර රෝහලට මාරු කළ බව ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළාය. ඊට හේතුව වූයේ හෙතම රඳවා සිටි බන්ධනාගාරයේ කුටියන අධික වර්ෂාපතනය හේතුවෙන් ජල කඳුවකට ලක්වීමයි.

වර්ෂාපතනය වැඩි වීමත් සමඟ බන්ධනාගාර නිලධාරීන් ජනරාල් වරයට පෙරවන කිහිපයක් ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවීම නිසා බන්ධනාගාර රෝහල් වෙත මාරු කර යැවීමට තීරණය කරනු ලැබීය. අදාල කුටිය මේ වනවිට නඩත්තු කරණ බව ආරංචි මාර්ග සඳහන් කරයි. Tell a Friend