ෂෙල් ගෑස් සමාගම ලිත්‍රෝ ලංකා ලෙස වෙනස් වෙයි

ෂෙල් ගෑස් සමාගම රජයට පවරා ගැනීම සඳහා වූ ගිවිසුම අද (03) අත්සන් තැබුනි. රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඊට අත්සන් තැබූ අතර, ෂෙල් ජාත්‍යන්තර සමාගම වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ එහි සාමාන්‍යාධිකාරීවරයායි. 1995 වසරේ දී පෞද්ගලික අංශයට පැවරුනු ෂෙල් ගෑස් සමාගම යළි රජයට පවරා ගත්තේ, වසර 15කට පසුවය. ෂෙල් ගෑස් සමාගම ඉදිරියේ දී ලිත්‍රෝ ලංකා ලෙස නම් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු මාධ්‍යට කියා සිටියේය. ලබන 15 වැනිදා සිට ලිත්‍රෝ ලංකා සමාගමේ කටයුතු ආරම්භ වන අතර, එහි සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් පත් කරන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. Tell a Friend